spot_imgspot_img
spot_img

දරුවන්ගේ කුසගිනි නිවන්න ගසකට නැඟි සිව්දරු මව ජීවිතක්ෂයට

කොස් ගෙඩියක් කැඩීමට ගසකට නැඟී කාන්තාවක් කොස් ගසෙන් වැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ගගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ, නාරංවිට, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ශාන්ති කුමාරී නැමති 50 හැවිරිදි කාන්තාවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දැරියන් සිව්දෙනෙකුගේ මවක් වන අදාළ කාන්තාව පසුගිය 10 වනදා දහවල් ආහාර වේල සකසා ගැනීමට නිවස අසළ කොස් ගසේ තිබූ කොස් ගෙඩියක් කඩා ගැනීමට විවිධ උත්සාහයන් දරා ඇති බවයි වාර්තා වන්නේ.

දිගු රිටකට පිහියක් බැඳ කොස් ගෙඩිය කඩා ගැනීමට ඇය විසින් උත්සාහ දරා ඇති අතර එම උත්සාහය ව්‍යර්ථ වී තිබෙනවා.

පසුව ඇය කොස් ගස අසළ තිබූ සාදික්කා ගසට නැඟ මෙම ගෙඩිය කැඩීම උත්සාහ කර ඇති නමුත් එයද සාර්ථක වී නැහැ.

සියලු උත්සාහයන් දැරූව ද එය අසාර්ථක වූ පසු දරුවන්ගේ කුසගිනි ගැන සිතූ ඇය කොස්ගෙඩිය කැඩීමට ගසට නැඟ ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇය කොස් ගසෙන් ඇද වැටී ඇති අතර, පසුව ඇයගේ දරුවන් හා ප්‍රදේශවාසින් එක්ව ඇයව ගම්පොළ රෝහලට අතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව ඊයේ (18) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?