spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දඹුලු ඔයේ වාන් දොරටුවක් ඇරේ

අධික වර්ෂාපතනය හේතුවෙන් ඉබ්බන්කටුව – දඹුලු ඔය ජලාශයේ වාන් දොරටු විවර කර තිබෙනවා.

අද උදෑසන කාලයේ දී මෙම ජලාශයේ එක් වාන් දොරටුවක් විවර කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම ජලාශයේ විවෘත කරන ලද දොරටුවෙන් මේ වනවිට කලාවැවට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්ත්පරයට ඝන අඩි 1500ක් බවයි වාර්තා වන්නේ.

ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත්; මෙම තත්ත්වය සංකීර්ණ විය හැකි බවත්, දඹුලු ඔය සිට කලාවැව දක්වා ඔය දෙපස සිටින ජනතාව හට මේ වනවිට අවදානම් පළමු මට්ටමේ නිවේදනයක් නිකුත් කර ඇති බවත් වාරිමාර්ග ඉංජිනේරුවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?