spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දඹුල්ල රෝහලේ 63කට ඩෙංගු

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ කාර්යය මණ්ඩලයේ 63 දෙනෙකුට ඩෙංගු රෝගය වැලඳී ඇතැයි වාර්තා වනවා.

මේ හේතුවෙන් රෝහල් කටයුතු ද පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි රෝහල් සේවකයින් පවසන්නේ.

ඩෙංගු රෝගය වැළැඳුනු පිරිස අතර වෛද්‍යවරුන්, හෙදියන් මෙන්ම රෝහල් උපස්ථායකයින් ද වනවා.

අද දිනයේ ද රෝහල් කාර්යය මණ්ඩලයේ දෙදෙනෙකු ඩෙංගු රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා.

පවතින තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් දඹුල්ල මූලික රෝහල වසා දැමීමට සිදුවිය හැකි බවයි රෝහල් කාර්යය මණ්ඩලය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?