දඹුල්ලේ එළවළු මිලෙහි හිටිහැටියේ විශාල වෙනසක්

එළවළු තොග ගැනුම්කරුවන්ගේ පැමිණීම සියයට 50 කින් අඩුවීම නිසා එළවළු තොග මිල ඊයේ (29දා) සියයට 60කින් පමණ පහළ ගිය බව තොග වෙළෙන්දෝ පවසති. දඹුල්ල තොග වෙළෙඳපොළට එළවළු කිලෝ ලක්ෂ 12ක් පමණ ඊයේ ලැබුණු බව ද ඔවුහු කියා සිටිති.

පසුගිය වසරේ මාර්තු අවසන් සතියේ සිට උත්සව කාලය තෙක් දිනකට කිලෝ ලක්ෂ 30ක් ඉක්මවා එළවළු තොග දඹුල්ල තොග වෙළෙදපොළට ලැබුණ බව එහි වෙළෙඳ සංගමයේ හිටපු සභාපති අයි.බී. විජයානන්ද මහතා පැවසීය. පොහොර, කෘෂි රසායන සහ ඉන්ධන හිඟයෙන් ගොවීන් එළවළු වගාවෙන් ඉවත් වීම එළවළු හිඟයට බලපා තිබෙන අතර ඒ අනුව එළවළු නිෂ්පාදනය පහළ ගිය බව ගොවි නායකයෝ පවසති.

එළවළු රැසක කිලෝවක තොග මිල රුපියල් සියය ඉක්මවා නොගිය බව ද තොග වෙළෙන්දෝ පවසති. පාරිභෝගිකයන් එළවළු මිලදී ගැනීම අඩු කර ඇති අතර තොග ගැනුම්කරුවන් ද එළවළු අලෙවි කරගත නොහැකි නිසා මිලදී ගැනීම සීමා කර තිබෙන බව විජයානන්ද මහතා පැවසීය.

ඊයේ අමුමිරිස් සඳහා උපරිම මිල ලැබී තිබේ. අමු මිරිස් කිලෝවක් රුපියල් 250ත් 300 ත් මිලකට අලෙවි වී ඇත. මාළු මිරිස් කිලෝවක් රුපියල් 120ත් 130ත්, කැරට් සහ ලීක්ස් කිලෝවක් සදහා රුපියල් 100ත් 110ත් අතර තොග මිලක් ලැබුණු බව ඒ මහතා පැවසීය.

කැකිරි කිලෝවක් රුපියල් 40ත් 45 ක්, මැල්සිරිපුර කට් බීට් කිලෝවක් රුපියල් 45ත් 50 ත්, ගෝවා කිලෝවක් රුපියල් 40ත් 50ත්, නුවරඑළිය කොළ බීට් කිලෝවක් රුපියල් 50ත් 60ත්, මල් ගෝවා කිලෝවක් රුපියල් 200ත් 220ත් අතර මිලකට අලෙවි වී තිබේ.

වැටකොළු කිලෝවක් රුපියල් 80ත් 85ත්, පතෝල කිලෝවක් රුපියල් 70ත් 75ත්, තක්කාලි කිලෝවක් රුපියල් 60ත් 80ත්, පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 25ත් 30ත්, නෝකෝල් කිලෝවක් රුපියල් 55ත් 60ත්, බෝංචි කිලෝවක් රුපියල් 170ත් 180ත් තොග මිලක් ලැබුණු බව දඹුල්ල තොග වෙළෙඳ සංගමයේ හිටපු සභාපති අයි.බී. විජයානන්ද මහතා කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම ? එක පාරම ගැස්සිලා නැගිට්ටා නේද ?
01:11
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23