දඬුමොණරාගේ ආ පෙම්වතා හිටපු පෙම්වතියව හප්පලා – පෙම්වතිය රෝහලේ

පෙම් ආරවුලක් හේතුවෙන් කෝපයට පත් වූ පෙම්වතෙකු, පසුගිය 04 වනදා මව සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටි හිටපු පෙම්වතියව යතුරුපැදියකින් හප්පා තුවාල සිදුකිරීමේ පුවතක් වාර්තා වනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පෙම්වතා මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කටුවැල්ලේගම, තොටිල්ලගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

පැමිණිලිකාර තරුණිය සහ සැකකාර තරුණයා අතර කලක් ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති බවත්, තරුණියගේ පාර්ශවයෙන් එම සම්බන්ධයට විරෝධතා මතුවීම නිසා අය එම සම්බන්ධය නවතා තිබෙනවා.

මිනුවන්ගොඩ, අලුතැපොල ප්‍රදේශයේ පදිංචි තරුණිය තම මව සමඟ නිවස ආසන්නයේ පිහිටි වෙළඳසැලක් වෙත පාගමනින් යමින් සිටියදී සැකකරු යතුරුපැදියකින් පැමිණ පෙම් සම්බන්ධතාවය නවතාලීම සම්බන්ධයෙන් ඇයට තර්ජනය කර, මෙලෙස යතුරුපැදියෙන් හප්පා ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.

යතුරුපැදියේ ගැටී තුවාල ලැබූ තරුණිය මිනුවන්ගොඩ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියට අදාළ සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01