අපේ ක්‍රිකට් ගැන කතා නොකරම බැරිය. කතා කළද වැඩක් ඇද්දැයි සිතෙන තරමට කවදාවත් හැදෙන පාටකුත් නැත. ක්‍රිකට් පරිපාලනයේ දූෂණ අක්‍රමිකතා හැමදාමත් කෝප් කමිටුවේ කතා කළත් අනාවරණය කරගත් දෙයක් හා වරදකරුවන්ට දඬුවම් ලබාදීමක්ද නොමැත.
කෝටි ගණන් ගෙවා ටොම් මූඩි වැනි අය ඩිරෙක්ටර්ලා ලෙස ගෙන්වා ගත්තද බංග්ලාදේශයත් තවමත් අපට වඩා ඉදිරියෙන්ය. සංගලා, මහේලලා, මුරලිලා මෙරට ක්‍රිකට් හදන්න භාර ගත් නමුත් ඉන්නේ ඉන්දියාවේ IPL වලය.
ක්‍රීඩකයන්ගේ විනය ගැන අසන්නට ලැබෙන්නේ අමුතුම කතාය. පසුගිය සතියේ සමාජ ජාලා තුළ ශීඝ්‍රයෙන් පැතිර ගිය පුවතක් වූයේ එක්තරා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවකු දකුණේ හෝටලයක බීමතින් කාන්තාවකට අතවර කරන්නට තැත් කර එහි සිටියවුන්ගෙන් ගුටි කෑ සිද්ධියකි. කෙසේ හෝ පැමිණිල්ලකින් තොරවම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට නම් කර සිටින මහාචාර්ය අර්ජුන ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව මෙම සිද්ධිය විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.
එම කමිටුව හමුවට කැඳවනු ලැබූ මෙම ක්‍රීඩකයා ඒ සඳහා ගොස් ඇත්තේ බොටමයකින් සැරසී කැප් තොප්පියක් පැලඳ චුවිංගමයක් සපමිනි. විනය ඒ තරම් හොඳය. විනය පරීක්‍ෂණයේදී කිසිදු සාක්‍ෂියක් නොමැති වීම නිසා ප්‍රතිඵලය වූයේ අදාළ ක්‍රීඩකයා මානසික විශේෂඥවරයකුට යොමු කරවීම පමණි. පුදුමයට කරුණ නම් ඒ අවස්ථාවේ එම ක්‍රීඩකයා එම ස්ථානයේ සිටි බවට තහවුරු වුවත් හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන දින තුනක් ඇතුළත මකා දමා තිබීමයි.
මීළඟ කරුණ නම් විමර්ශනය අවසානයේ ක්‍රීඩකයාගේ කටඋත්තරයට අස්සන් තැබීමට නම් ඔහුගේ පෞද්ගලික කළමනාකරුගෙන් අවසර ගත යුතු බව ඔහු පැවැසීමයි. මොහුට නීති උපදෙස් පවා දෙන්නේ පෞද්ගලික කළමනාකරුද යන්න මින් පැහැදිලි වේ.
වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් සැමටම වාගේ පෞද්ගලික කළමනාකරුවකු සිටී. ක්‍රිකට් ආයතනයත් ක්‍රීඩා ඇමැතිවරයාත් වහාම මෙම පෞද්ගලික කළමනාකරුවන් ගැන ලියාපදිංචියක් තබා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. මේ ඇතැම් කළමනාකරුවන් අදාළ ක්‍රීඩකයන් සමඟ රෑ මැදියම් වනතුරු ක්ලබ්වල බීමතින් පසුවන බවට වාර්තා තිබේ. කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු පිළියන්දල පැවැති විවාහ උත්සවයකට ගොස් රාත්‍රි 10ට ඉන් නික්ම ගොස් එළිවනතුරු කොළඹ සිටියේ කොහේද කා සමඟද යන්න රහසකි. එළිවන ජාමයේ කුසල් මෙන්ඩිස් නිවෙසට යමින් සිටියදී වැඩට යමින් සිටි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු තම ජීප් රථයට යට වී මිය ගියේය. තවමත් එම නඩුව පානදුර උසාවියේ විභාග කෙරේ. පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද බී වාර්තාවට අනුව එම අනතුර වන විට කුසල් බීමතින් සිට නැත.
මීට කලින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නද අලුයම් කාලයේ ත්‍රීවීල් රියැදුරකු යට කරගෙන ගියේය.
එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලිය අතරතුර කණ්ඩායමේ සිටි වෛද්‍යවරියක හා ක්‍රීඩකයන් කිහිපදෙනකු අතර ක්‍රීඩක කාමරය තුළ වූ හැසිරීමක් පිළිබඳවද කට කතා පැතිර ගියේය. එහෙත් මෙය හුදෙක් කටකතාවක් පමණක් බවට පත්විය.
දකුණේ හෝටලයට සම්බන්ධ සිද්ධියට මැදිහත් වූ ක්‍රීඩකයා මීට පෙරද සංචාරයක් අතරතුර හෝටලයට කාන්තාවක් රැගෙන ඒමේ සිද්ධියකට දඬුවම් ලැබුවේය.
දිගින් දිගටම කියවෙන්නේ අපේ ක්‍රීඩකයන්ගේ විනය පිරිහීමයි. ජාත්‍යන්තර පිටියේ තරග අතරතුර ටීෂර්ටය කලිසමට යට නොකර උඩින් දමාගෙන ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සිටින්නේ අපේ රටේ පමණි. අද පාසල් තරගවලද එවැනි ක්‍රීඩකයන් ඕනෑ තරම් සිටිති. පාසල් මට්ටමේවත් එවැනි දේ නිවැරැදි කිරීමට පුහුණුකරුවන් හෝ ක්‍රීඩා භාර ආචාර්යවරුන්ට නොහැකිය. එසේ නම් විනය ගැන කීර්තිමත් ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙවැනි දේ සොයා බැලීම බලාපොරොත්තු විය හැකිද?
පාසල් මට්ටමේ ක්‍රීඩකයන්ගේද විනය පිරිහීමට ක්‍රීඩකයන්, පුහුණුකරුවන් මෙන්ම ක්‍රීඩකයන්ගේ මවුපියන්ද බෙහෙවින් වගකිව යුතුය. තරග අතරතුර ඔවුන්ගේ හැසිරීම් එතරම්ම හොඳය. කලකට පෙර ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකු තරගාවලියක් අතරතුර කාමර තුළ බීමත්ව අතට හසුවී තරග කිහිපයකට තහනම් කරනු ලැබීය. ඔවුන් එසේ හැසිරුණේ පුහුණුකරු, කළමනාකරු හා පාසල් නියෝජිතයාද එහි කාමරවල සිටියදීමය. එනිසා එම වගකීමෙන් කොටසක් ඔවුන්ද භාරගත යුතුය. විනය හදන්න නම් විනයවත් මිනිසුන්ද නිලධාරීන් ලෙස පත් කළ යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායම තුළ විනය හදන්නට විනය ගැන තදින් ක්‍රියා කරන කළමනාකරුවකු අත්‍යවශ්‍යය. ක්‍රිකට් පරිපාලකයන්ද ක්‍රීඩක විනය ගැන මීට වඩා බෙහෙවින් සැලකිලිමත් විය යුතුය.
වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ ක්‍රීඩකයෙකි. ක්‍රීඩාවේදී විනය කොතරම් වැදගත්ද යන්න ඔහුට අමුතුවෙන් කියා දිය යුතු නැත. ක්‍රීඩක විනය ගැන ඔහු පාර්ලිමේන්තුවේදීද සැරෙන් කීවේ ඒ නිසාය. ක්‍රීඩක කළමනාකරුවන් ගැනද ඔහු කීවේය. අවශ්‍ය වන්නේ එය ක්‍රියාවට නැංවීමයි.
ජයග්‍රහණ, පදක්කම් ලබන්න නම් ක්‍රීඩාව තුළ විනයක් තිබීම අත්‍යවශ්‍යය. එය පරිපාලකයන්ට මෙන්ම ක්‍රීඩකයන්ටද සමානය. පරිපාලකයන් අතර මෙන්ම ක්‍රීඩකයන් අතරද විනය මුලින්ම හදන්නට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළහොත් ජයග්‍රහණ හා පදක්කම් නිතැතින්ම ලැබෙනු ඇත.
සහන් රවිඳු – මව්බිම
සසැදි පුවත්
මාතර සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව පරීක්ෂණ ඇරඹෙයි
සූර් වෙලා අමුතුම නාඩගමක් නැටූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට වෙන්න යන දේ මෙන්න














Kawuda me kreedakaya.eyage nama danna bayayida? news ekak danawanam eyi eka bageta danne?eya gena dena gaththama mokada wenne?pahara weda karanna puluwannam eya kawuda kiyala minissu dena ganna eka waradakda? ethakota thawath genu lamayekuta me wage deyak sidu nowenna waga balaganna puluwan neda?journalist kenekuta thiyennama ona e thamayi hoda hayiya back born ekak.eka nethi wunama hari widiyata news danna amarui.issella eka hadagena passe job ekata awanam hondayi neda?
විනය පාසල් ක්‍රිකට් තුලින්ම සැදිය යුතු අතර, ජත්‍යන්තරය මට්ටමින් ක්‍රිඩා කරන්නන්ගේ වැරදි වලට උදව් කරන සියලුම බලදාරින්ටත් දඩුවම් ලැබිය යුතුයි, මුදලටම යට වුණ සමාජයත් පිරිහිමට ලක් වුණ ක්‍රිඩකයන් නිසාත් අද ශ්‍රිලංකා ක්‍රිකට් දිනෙන් දින බාල්දු වේ, එදා ස් ශ්‍රිලංකාව සමග තරග වැදිමට බය රටවල් අද ඔවුන්ට තරගයක් නොමැති තරම්. විනයක් නැති සියලුම ක්‍රිඩකයින්ගේ තරග අවලංගු කොට නවකයන්ට අවස්ථා උදා කර යුතුයි. ලොකයක් ඉදිරියේ කොතරම් සුපිරි ක්‍රිඩකයෙක් වුවත් කම් නැත ඔහුගේ ක්‍රියාවන් තම රටේ නමට කැලලක් නම්. දඩුවම් ලැබිමෙන් හෝ විනය හැදෙවා. නැතහොත් තම අම්මාට වත් ගරු නොකරන ක්‍රිඩකයන් බිහිවෙයි.
මෙ කාලකණ්ණි අයින් කරන්න ඔනේ මුගේ නම කියන්නකො. Facebook එකෙන් හරි මුව නොන්ඩි කරලා කාන්ඩායමෙන් අයින් කරන්න. ගැනු ගහන්න නෙමේ ක්‍රිකට් කාන්ඩායමට යන්නේ බොල ගහන්න. කාලකණ්ණි මුංට බොලේ එද්දි කකුල වෙවුලනවා. ගැනු දැක්කම සුර් වෙන බල්ලො