මාතර සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව පරීක්ෂණ ඇරඹෙයි

මාතර ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයා පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම සිද්ධිය පිළිබඳව මේ දක්වා නිල වශයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති වුවද ජනමාධ්‍ය වාර්තා සහ සෙසු වාර්තා පදනම් කරගෙන පරීක්‍ෂණය ආරම්භ කරන බවත් ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

සිංහල සහ දමිල අලුත් අවුරුදු සමයේ මාතර සුපිරි හෝටලයක පැවැති සාදයකදී චෝදනා එල්ල වන වමත් පිතිකරු එම සාදයට සහභභාගි වී සිටි තරුණියකට බීමතින් අතවර කිරීමේ සිද්ධියක් මේ වන විට දැඩි කථා බහට ලක්ව තිබේ.

එහිදී අවට සිටි පිරිස් මෙම ක්‍රීඩකයාට පහර දීමක්ද සිදු කොට ඇති බව සමාජ මාධ්‍ය ජාලාවල වාර්තා වී තිබෙනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08