spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දකුණු අප්‍රිකාවෙන් නවසීලන්තයට ලකුණු 358ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට නවසීලන්තයට ලකුණු 358ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

පූනේ හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 357ක් රැස් කළා.

ක්වින්ටන් ඩි කොක් ලකුණු 114යි. ක්වින්ටන් ඩි කොක් අද රැස් කළේ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ තම 4 වන ශතකයයි. පන්දු 103කින් ලබා ගත් එම ශතකයට හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ඇතුලත් වුණා.

Rassie van der Dussen ලකුණු 133යි. ඔහු තම ශතකය ලබා ගත්තේ පන්දු 101කින් තහරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ද සමගින්. David Miller පන්දු 30කින් ලකුණු 53ක් රැස් කළා.

පන්දු යැවීමේදී ටිම් සවුතී කඩුලු 2ක් බිඳහෙලුවා.

නවසීලන්ත පිළිතුරු ඉනිම ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?