දකුණු අප්‍රිකාවට ලකුණු 102ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග අද පැවති තරගයෙන් ලකුණු 102ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය වූ මෙය පැවැත් වුණේ දිල්ලිහිදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 428ක් ලබා ගත්තා. ක්වින්ටන් ඩි කොක් පන්දු 84කින් වේගවත් ලකුණු 100ක් ලබාගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 12ක් ද සමගින්. ඔහු ලකුණු 100ක් ලබා සිටියදී මතීෂ පතිරණගේ පන්දුවකට ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා.

Rassie van der Dussen ලකුණු 108ක් ලබා ගත්තේ පන්දු 110කින්. හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ඊට ඇතුලත්.

Aiden Markram 106යි. පන්දු 54කින් ලබාගත් එම ලකුණු 106ට හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් ද ඇතුලත් වුණා. ඔහු පන්දු 49කදී තම ශතකය රැස් කළ අතර එය එක්දින තරගයක වේගවත්ම ශතකය ලෙසිනුයි වාරතා අතරට එක්වන්නේ. David Miller පන්දු 21කින් නොදැවී ලකුණු 39ක් ලබා ගත්තා. දකුණු අප්‍රිකා ඉනිමේදී 4 පහර 45ක් සහ 6 පහර 14ක් එල්ලවී තිබෙනවා.

පන්දු යැවීමේදී දිල්ෂාන් මදුෂංක දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩුලු 2ක් බිඳ හෙලුවා. කසුන් රාජිත, මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 429ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 44යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 326ක් පමණයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 76යි. පන්දු 42කින් ඔහු එම ලකුණු 76 ලබාගත්තේ හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් ද සමගින්.

චරිත් අසලංක පන්දු 65කින් ලකුණු 79ක් රැස් කළේ හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් ද සමගින්. සධීර සමරවික්‍රම ලකුණු 23යි.

නායක දසුන් ශානක ලකුණු 68ක් රැස් කළා. කසුන් රාජිත ලකුණු 33යි.

ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකා කණ්ඩායම අද ලබාගත් ලකුණු 428 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසට ද වාර්තා අතරට එක්ව තිබෙනවා. එමෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක කණ්ඩායමක් එක් ඉනිමකදී ශතක 3ක් රැස් කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි ක්‍රිකට් වාර්තා අතරට එක්වෙන්නේ. ඊට අමතරව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවස්ථා 3කදී ලකුණු 400 ඉක්මවා ගිය පළමු කණ්ඩායම ලෙසට ද අද දකුණු අප්‍රිකාව වාර්තා අතරට එක්ව තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළග තරගය ලබන 10වනදා පැවැත්වෙන්නේ පාකිස්ථානය සමගින් ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14