තෙල් මිල අඩු කළත් ත්‍රීවිල්, බස් ගාස්තුවල අඩුවක් නැහැ

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල ගණන් පහළ දැමූවත් ත්‍රිරෝද රථ ගාස්තුවල කිසිඳු අඩුවීමක් සිදුනොවන බව ත්‍රිරෝද රථ වෘත්තිය සමිති පවසනවා.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ රජය මගී ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් තරම් පෙට්‍රල් ලබා නොදෙන බවයි.

මේ අතර ඩීසල් මිල ගණන්වල කිසිඳු අඩුවක් සිදු නොවීම හේතුවෙන් මෙම අවස්ථාවේ බස් ගාස්තුවල අඩු කිරීමක් නොකරන බව බස් සංගම් සඳහන් කළා.

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට රජය තීරණය කළා.

ඒ, අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 40.00 කින් මිල අඩුකළ අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 30.00 කින්ද මිල අඩු කිරීම සිදුකරනු ලැබුවා.

මෙම නව මිල සංශෝධනයට අනුව ලංකා අයි.ඕ.සී. සමාගම ද තීරණය කළේ තම සමාගම විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන පෙට්‍රල්වල මිල පහත දැමීමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18