spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෙල් මිල අඩු කළත් ත්‍රීවිල්, බස් ගාස්තුවල අඩුවක් නැහැ

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල ගණන් පහළ දැමූවත් ත්‍රිරෝද රථ ගාස්තුවල කිසිඳු අඩුවීමක් සිදුනොවන බව ත්‍රිරෝද රථ වෘත්තිය සමිති පවසනවා.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළේ රජය මගී ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් තරම් පෙට්‍රල් ලබා නොදෙන බවයි.

මේ අතර ඩීසල් මිල ගණන්වල කිසිඳු අඩුවක් සිදු නොවීම හේතුවෙන් මෙම අවස්ථාවේ බස් ගාස්තුවල අඩු කිරීමක් නොකරන බව බස් සංගම් සඳහන් කළා.

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට රජය තීරණය කළා.

ඒ, අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 40.00 කින් මිල අඩුකළ අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 30.00 කින්ද මිල අඩු කිරීම සිදුකරනු ලැබුවා.

මෙම නව මිල සංශෝධනයට අනුව ලංකා අයි.ඕ.සී. සමාගම ද තීරණය කළේ තම සමාගම විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන පෙට්‍රල්වල මිල පහත දැමීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?