spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තැන තැන සිදු වූ වෙඩි තැබීම් ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

මැයි මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් හා බැදුණු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් මෙම වෙඩි තැබීම්වලට සම්බන්ධ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.

මේ අතර, මෙම මනුෂ්‍ය ඝාතන සිදුකිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය ද යොමුව ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව එවැනි අපරාධ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් වෙනත් විශේෂ රාජකාරී සඳහා යෙදවීමක් සිදු නොකිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?