තාත්තගේ ගිණුමෙන් සල්ලි ඉස්සුවේ කවුද? නාමල් කට අරී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ව සිටියකු අගමැතිවරයාගේ බැංකු ගිණුමෙන් කෝටි ගණනක මුදල් සොරාගත් බවට පලවන වාර්තා සම්බන්දයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි.

එහිදී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ තාත්තාගෙන් සල්ලි ගන්නේ පුතාලා යැයි කියාය.

“මම දැක්කා පත්තරේ එහෙම සිද්ධියක් ගැන වාර්තා. එවැනි සිදුවීමක් ගැන අපි සාකච්ඡා කර නැහැ.
“තාත්තාගෙන් තමයි අහන්න ඕනේ..එහෙම දෙයක් සිදුවෙලා තියෙනවා ද කියලා. මං දන්න හැටියට එහෙම දෙයක් නෑ. සාමාන්‍යයෙන් තාත්තාගේ සල්ලි ගන්නේ පුතාලා නේ. මේක වෙන කෙනෙක් අරන් කියලා තමයි කියන්නේ.”

රාජ්‍ය බැංකුවක පවත්වාගෙන යන ගිණුමට පිවිසිය හැකි ATM කාඩ්පතක් භාවිත කරමින් අගමැතිවරයාගේ බැංකු ගිණුමෙන් මුදල් ලබාගෙන රුපියල් මිලියන ගණනක මූල්‍ය වංචාවක් සිදු කර ඇති බව අනාවරණය වීමෙන් පසු ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කළ බව මාධ්‍ය වාර්තා කර සිටියා.

https://youtu.be/pfXsUWTR7fc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?