ත්‍රීරෝද රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් මරුට

ත්‍රීරෝද රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් තීරෝද රථ රියැදුරකු මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම වරාවත්ත පදිංචිව සිටි දිලිප් කුමාර නමැති 51 හැවිරිදි පුද්ගලයෙකි

බණ්ඩාරගම අඟුරුවාතොට මාර්ගයේ රයිගම හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුවි ඇත

මියගිය පුද්ගලයා රයිගම හන්දියේ ත්‍රීරෝද රථ ගාලේ සිට කුලි ගමන් යන අතර ඊයේ සවස අඟුරුවාතොට ප්‍රදේශයට කුලී ගමනක් ගොස් යළි රයිගම හංදිය කරා පැමිණෙමින් සිටියදී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් අඟුරුවාතොට දෙසට ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි

බරපතළ තුවාල ලද තීරෝද රථ රියදුරු හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය

අනතුරින් ත්‍රිරෝද රථයට ද බරපතළ අලාභ සිදු වී ඇත

මියගිය තීරෝද රථ රියදුරු ගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව වී ඇතැයි පොලිසිය කියයි

බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි