ත්‍රස්ත විරෝධි පනතට එරෙහිව තවත් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වග උත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි.

පෙත්සම්කරු කියා සිටින්නේ අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව, පොලිසිය සහ වෙරළාරක්ෂක බලකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ බලය ලබාදී තිබෙන බවයි.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන පුද්ගල නිදහස, අදහස් ප්‍රකාශ කිරීම නිදහස ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

එබැවින් අදාළ පළාත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසටයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ යන අය විසින් ද මේ වන විට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනේ සර් ෆොටෝ එකක් ගමුකෝ - ජනපතිට ලැබුණු ආදරය
01:55
Video thumbnail
නුවරඑළිය නගරයේ සියලුම පදික වෙළඳාම් ඉවත් කිරීමට නගරාධිපතිගෙන් උපදෙස්
05:40
Video thumbnail
"දරු පැටව් දෙන්නට තාත්ති කියන්න කෙනෙක් කෝ"ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු කඳුළු මැද සිදුකළ අයුරු
04:00
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
08:41:47
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුලෙන් එළියට ආ වීඩියෝව මෙන්න
01:28
Video thumbnail
දැක්කනේ තිස්සකුට්ටි වැඳලා සමාව ගත්තේ - දැන් පොහොට්ටුවේ කට්ටිය බයවෙලා
10:19
Video thumbnail
ඉස්සරහට විපක්ෂයේ ඡන්ද ලකුණ බන්ධනාගාරය නැත්තම් මාංචු කූට්ටම
12:52
Video thumbnail
ජේලර් චන්ද්‍රවංශගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් සංවේදී වෙයි
01:58
Video thumbnail
පරිභෝජනයට නුසුදුසු පරිප්පු 1740kgක් වෙළෙඳසැලකින් මාට්ටු - සියල්ල විනාශ කර දැමූ අයුරු
00:55
Video thumbnail
ෂා, මරු, නියමයි, මාරයි, එල, එල කිරි, එල පවුසි, ආතල්, පට්ට ආතල්
00:56