තවත් මනුෂ්‍ය ඝාතනයක්

මනුෂ්‍ය ඝාතනයක් – අකුරැස්ස පොලිස් වසම .

ඊයේ (17) වන දින ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොරවකින් පහරදී ඝාතනය කර තිබේ .

මරණයට පත් පුද්ගලයා සිය දියණිය සහ බෑණා අතර ඇතිවු ආරවුලකට මැදිහත්විම හේතුවෙන් බෑනා විසින් පොරවකින් හිසට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය පවසනවා .

මියගිය පුද්ගලයා වයස අවුරුදු 66 ක් වන ඉඹුල්ගොඩ වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබේ .

සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ලබයි .