spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් පස් කන්දක් කඩා වැටෙයි

තවත් පස් කන්දක් අද පස්වරුවේ දී නාය ගොස් තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ දියතලාව – වෙලන්හින්න, වැලිමඩ මාර්ගයේ එක් කොටසකටයි.

පස් කන්ද මාර්ගයට කඩා වැටීම හේතුවෙන් වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

ඊට අමතර ව ගම්මානවලට ගමන් කිරීමට තිබූ ප්‍රධාන මාර්ගයක් ලෙස මෙම මාර්ගය වැදගත් වීම හේතුවෙන් මෙම මාර්ගය භාවිත කර සිය ගම්මානවලට ගමන් කරන ජනතාව මින් දැඩි ලෙස අපහසුතාවට පත් ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ වනවිටත් මෙම ප්‍රදේශවලට ධාරානිපාත වැසි ඇදහැලෙන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?