තරුණිය ගැන විමර්ශනවලින් එළියට ආපු පුදුම සහගත හෙළිදරව්ව මෙන්න

අනියම් පෙම්වතිය සමඟ කොතරම් ප්‍රශ්න තිබුණද බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂක පෙම්වතා ඇය සමඟ හංවැල්ල හෝටල් කාමරයක දින දෙකක්ම ගත කළේ ඇය ඝාතනය කිරීමේ අදහසකින් හෝ ඇය ඝාතනය කිරීමට පෙර සිටම හිතේ තිබූ සැලැස්මක් මත හෝ නොවන බව විමර්ශනවලදී ඒත්තු ගොස් තිබේ.

එවන් සැලසුමක් උප පොලිස් පරීක්ෂකවරයාගේ සිතේ තිබුණේ නම් ඔහු ඇය සමඟ මෙම හෝටලයේ නවාතැන් ගැනීමට එන විටදී පිහියක් අනිවාර්යයෙන්ම සඟවා ගෙන රැගෙන එන බව මේ පිළිබඳ විමර්ශන කරන නිලධාරියෙක් ‘මව්බිම’ට කීය.

ඇය හා ඔහු හංවැල්ල ප්‍රදේශයේ නවාතැන් පොළේ කාමරයක රැඳී සිටියදී ඇති වූ ප්‍රශ්නයක් මත ඒ මොහොතේ හටගත් ක්ෂණික කෝපයක් හේතුවෙන් ඔහු විසින් ඇය එකවර මරාදමන්නට ඇතැයි සැකකරන බවත් නැතහොත් ඔහු අතින් ඇය මියයන්නට ඇතැයි සිතිය හැකි බවත් එහෙත් ඔහු එවන් දෙයක් කරන්නට ඇත්තේ ඇය මරා දැමීමේ අදහසින් නොවන බවට සැකකළ හැකි බවත් එම නිලධාරියා සඳහන් කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඇයට පහරදීමක් සිදුනොවී ඇති බැවින් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත උප පොලිස් පරීක්ෂක පෙම්වතා විසින් ඇගේ ගෙල මිරිකන්නට ඇති බවත් එම අවස්ථාවේදී ඇය මරණයට පත් වන්නට ඇතැයි සැක හිතන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇගේ මරණයත් සමඟ බියට පත්වූ උප පොලිස් පරීක්ෂක පෙම්වතා ඇය කවුදැයි හඳුනාගැනීම වැළැක්වීම සඳහා ඉන්පසු හෝටලයෙන් පිටවී හංවැල්ල නගරයේ ඇති සතිපොළට ගොස් පිහියක් මිලදී ගෙන ඇවිත් මියගිය පෙම්වතියගේ ගෙල සිඳලන්නට ඇතැයි සිතිය හැකි බවත් එම නිලධාරියා කියයි.

මෙම තරුණියගේ හිස කඳින් වෙන් කර ඇත්තේ ඝාතනයට පසුව බවට වෛද්‍ය වාර්තාවේද නිගමනය වී තිබේ.

උප පොලිස් පරීක්ෂක පෙම්වතාට ඇය ඝාතනය කිරීමට සැලැසුමක් තිබුණේ නම් ඔහුට ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද සූදානම් කරන්නට ඕනෑ තරම් අවස්ථාව තිබුණු බවත් ඒ අනුව විමර්ශනයේදී සැකකළ හැක්කේ ඔහු තම පෙම්වතිය හෝටල් කාමරයට ගෙනැවිත් ඇත්තේ ඇයව ඝාතනය කිරීමේ අදහසකින් නොවන බැව් පැහැදිලි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

=====================

දිවයින පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ මරා දැමුණු තරුණියගේ හිස සොයා පොලිස් කණ්ඩායම් ඊයේ (9දා) බුත්තල පොලිසියේ කොන්ක්‍රීට් වැසිකිළි වළවල් පවා සෝදිසි කිරීමට පියවර ගත්තේය.

ඊට හේතුව වූයේ මියගිය උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ සිට බඩල්කුඹුර නිවෙසට ගොස් ඊට පසුදින බුත්තල පොලිසියටද ගොස් ඇති හෙයිනි.

එහිදී එම උප පොලිස් පරීක්ෂකවරයා කිසිදු සැකයක් නොසිතෙන ආකාරයෙන් සුපුරුදු ලෙස හැසිරී ඇති බවත් එහිදී පොලිස් කාන්තාවක් සමඟද කතාබස් කර ඇති බවත් පොලිසිය හෙළිකරගෙන තිබිණි.

මෙම පොලිස් කාන්තාවගේ පුතා හා උප පොලිස් පරීක්ෂකවරයාගේ දියණිය එකම පන්තියේ ඉගෙනුම ලබන බවත් එහිදි මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඇයට තම දියණියගේ විභාගයක ලකුණු පවා පවසා ඇති බවත් සහකාර පොලිස් අධිකාරි හේමන්ත ඕවිටිගම මහතා කීවේය. ඉන් අනතුරුව උප පොලිස් පරික්ෂකවරයා බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයා හමු වී ණය ඉල්ලුම් පතකට ඔහුගේ අස්සන් පවා ලබාගෙන තිබිණි.


මව්බිම පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09