තරුණියකගේ රන් මාලයක් කඩාගෙන පළාගිය දෙදෙනෙක් අල්ලයි

බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයාය ප්‍රදේශයේදී තරුණියකගේ ගෙළ බැඳි රන් මාලය කඩාගෙන පලා ගිය තරුණයන් දෙදෙනෙකු වතු කම්කරුවන් විසින් අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ද හමුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බ්‍රිඩ්වෙල් වතුයායේ සිට බගවන්තලාව නගරය වෙත ගමන් කරමින් සිටි තරුණියගේ ගෙළ බැඳි රන් මාලය කඩාගෙන පලා යමින් සිටියදීයි සැකකරුවන් දෙදෙනා වතු කම්කරුවන් විසින් අල්ලාගෙන ඇත්තේ.

හංවැල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් අවුරුදු 26 සහ 27 වයස්වල පසුවන දෙදෙනෙක්.

ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් බගවන්තලාව නගරයට පැමිණ බ්‍රිඩ්වෙල් වතුයාය වෙත ගමන් කරන අවස්ථාවේ නගරය වෙත පැමිණෙමින් සිටි තරුණියගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා මාලය කඩාගෙන යතුරුපැදියෙන් පලා ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ තරුණිය කෑගසා ඇති අතර එහිදී තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් එක් සැකකරුවෙකු අල්ලාගෙන ඇති බව සඳහන්.

අනෙක් සැකකරු පලාගොස් තේ වත්තේ සැඟව සිටියදී බගවන්තලාව පොලිසියේ නිලධාරින්ගේ ද සහය ඇතිව අල්ලාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පරීක්ෂා කරන අවස්ථාවේ ඔවුන් සතුව තිබී හෙරොයින් පැකට් දෙකක් සහ ජංගම දුරකථනයක් හමුවී තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවූවන් බවයි පොලිසිය කියා සිටියේ. සැකකරුවන් හෙට (11) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
6
+1
16
+1
4
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32