spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තරුණයෙකු අපයෝජනය කළ සැරයන් රිමාන්ඩ්

මානසික ආබාධයක් සහිත 21 හැවිරිදි තරුණයෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

ඌවපරණගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සැකකාර පොලිස් සැරයන්වරයා කොස්ලන්ත පොලිසියට අනුයුක්තව සේවය කරන අයෙක්.

අතරවරයට පත් වූ තරුණයා ද ඌවපරණගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු විසින් ඔහු රවටා රහසිගත ස්ථානයකට ගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

මානසික ආබාධයකින් පෙළෙන තරුණයා සිද්ධියෙන් පසු රෝහල් ගතකර ඇති අතර මේ සම්බන්ධයෙන් ඌවපරණගම පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
3
+1
1
+1
2
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?