තරුණයෙකු අපයෝජනය කළ සැරයන් රිමාන්ඩ්

මානසික ආබාධයක් සහිත 21 හැවිරිදි තරුණයෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

ඌවපරණගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සැකකාර පොලිස් සැරයන්වරයා කොස්ලන්ත පොලිසියට අනුයුක්තව සේවය කරන අයෙක්.

අතරවරයට පත් වූ තරුණයා ද ඌවපරණගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු විසින් ඔහු රවටා රහසිගත ස්ථානයකට ගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

මානසික ආබාධයකින් පෙළෙන තරුණයා සිද්ධියෙන් පසු රෝහල් ගතකර ඇති අතර මේ සම්බන්ධයෙන් ඌවපරණගම පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56