තමුන්ට නංගිලා මල්ලිලා නැද්ද? තමුන් දුන්නේ රටටම නරක ආදර්ශයක්

පෑලියගොඩ, නුගේ පාර ප්‍රදේශයේ දී වයස අවුරුදු 4ක දරුවෙකුට “බීර” පානය කිරීමට දුන් තරුණයා අද (11) උදෑසන පොලීසිය වෙත රැගෙන විත් තිබේ.

එම අවස්ථාවේ දී එම සිදුවීමට මුහුණ පෑ දරුවා සහ දරුවාගේ මව ද පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත කැඳවා තිබුණි.

එහිදී පොලිස් නිලධාරීන් හමුවේ එම කාන්තාව සඳහන් කර සිටියේ, දරුවාගේ පියා වෙන්ව ගොස් ඇති බවත් එනිසා තමා රැකියාවට යන තුරු මිත්තණිය සමඟ දරුවා සිටින බවත්ය.

“මම ජොබ් එකක් කරනවා. අම්මා ළඟ තමයි බබාව දාලා යන්නේ. මේ දවස්වල කොරෝනා නිසා මොන්ටිසෝරි ඩේකෙයා එහෙම දාන්න බෑ. නිවාඩු නිසා ගෙදර හිටියේ. මෙයා චුටි කාලේ ඉදලා ඒ ගෙදර යනවා එනවා. ඒ අයත් එක්ක තමයි හැදුනේ. ඒ අය හැමදේම කරලා දෙනවා. මටත් හිතා ගන්න අමාරුයි මේක මෙහෙම වුණා කියලා. ඒ අය එහෙම කරන්නේ නෑ මෙයාට. හරි ආදරෙයි එයාලා. පුදුමයි මෙහෙම කරා කියලා. පුතා වෙන බීමක් දීලා තියෙන්නේ ටින් එකට දාලා. ඒකයි වැරැද්ද.“

අදාළ දරුවාට “බීර” පානය කරවන දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව 25 හැවිරිදි අත්අඩංගුවට පත්විය.

පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව එම තරුණයා සඳහන් කර සිටියේ, තමා විනෝදයක් ලෙස එම ක්‍රියාව සිදුකළ බවත් එම බීර ටින්එක තුළ වෙනත් බීම වර්ගයක් තිබු බවත් ය.

කෙසේවෙතත් පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන විත් සිටි සැකකාර තරුණයාට පොලිස් නිලධාරීන් දැඩිව අවවාද කර සිටි අතර, ඔවුන් පවසා සිටියේ මෙවන් වැරදි ඉදිරියේ දී නොකිරීමට දැඩි දඬුවම් පැමිණවිය යුතු බවය.

ස්නාධිපතිවරයා – තමුන්ගේ අර ළමයා ඥාති වෙනවා ද?
සැකකරු – නෑ

ස්නාධිපතිවරයා – තමුන් කොහොම ද මේ ළමයට ම මේ දේ කරන්නේ? වෙන ළමයිත් ඉන්නවා නේ මේ වත්තේ. මේ ළමයවම තෝරගන්න විශේෂ හේතුවක් තියෙන්න ඕනේ. තමුන් මෙහෙම කලින් කරලා තියෙන්න ඕනේ.

සැකකරු – නෑ සර් පළවෙනි වතාවට කරේ.

ස්නාධිපතිවරයා – තමුන්ට එහෙම හැඟීමක් ආවේ ඇයි? පොඩි ළමයෙක් නේ ද? 

සැකකරු – මම හිතලා කළේ නෑ සර්.

ස්නාධිපතිවරයා – හිතලා කළේ නෑ කියන්නේ මේක ඔටෝ වෙන්නේ නෑනේ. තමුන් බියර් එකක් ගෙනල්ලා ළමයෙක් ට පොවනවා කියන්නේ. ඒ ළමයා බියර් භාගයකට වැඩිය බීලා තියෙනවා. ඒ පොවන තැන තමුන්ගේ ගෙදර ද? ළමයාගේ ගෙදර ද? 

සැකකරු – මාමලගේ උඩතට්ටුව

ස්නාධිපතිවරයා – මාමා කියන්නේ තමුන්ට බියර් එක ගෙනත් දුන්න මනුස්සයා ද?
සැකකරු – ඔව්

ස්නාධිපතිවරයා – තමුන්ට නංගිලා මල්ලිලා නැද්ද? තමන් පොඩි කාලේ තමුන්ට මෙහෙම දෙයක් කරොත්? තමුන්ගේ දෙමව්පියන්ට කොච්චර වේදනාවක් ද? තමුන් දුන්නේ රටටම නරක ආදර්ශයක්. තමුන් දන්නවා ද ඒකේ තියෙන බරපතළකම. 

සමාජ ජාල වීඩියෝවේ ‘බියර් බිව් දරුවා ගැන’ හෙළි වූ තොරතුරු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊයේ එක ගලයි ගැ#හුවේ කුරුල්ලෝ සෙට් එකක්ම බිම - නාමල් හදිස්සි වෙන්න එපා නම කතා කරනකල් ඉන්න
04:59
Video thumbnail
සජිත් වෙනුවෙන් පෙරට ආ අජිත්ට යකා නගියි - මන්ත්‍රීතුමිය සජිත්ගේ නංගි ගැන කිව්වේ සම්පූර්ණයෙන් බොරුවක්
07:17
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24
Video thumbnail
හදිසියේම පාර්ලිමේන්තුවට ආ අමුත්තන් - කොහොමද එයාලා දුන්න ආචාරය
01:07
Video thumbnail
චරිත් අත්අඩංගුවට ගැනීම ගැන සජබ වරුණගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - ප්‍රබල වීඩියෝවක් එළියට දායි
20:07
Video thumbnail
මම කිසිම පක්ෂ දේශපාලනයක නෑ දැන් - අගමැති - ජනපති එක්ක සාකච්ඡාවක් දෙන්න
18:47
Video thumbnail
ජනපති ඇවිත් කිව්ව දේට දායාසිරි කට උත්තර නැතිවෙන්න කියයි - ශානි, රවී අපේ සතුරෝ නෙවෙයි - විහිළු කතානේ
12:39
Video thumbnail
පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..දායාසිරි - කුමාර ජයකොඩි යකා නටයි - ඇයි ඔයා පැන පැන දෙන්නේ
11:43
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ නඩුව අගෝස්තු 21දක්වා කල් යයි - අපි සම්පූර්ණයෙන්ම මේක හෙළා දකිනවා
03:06
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15