පසුගිය දා කුඩා දරුවෙකු බියර් පානය කරන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ පදිංචි සිව් හැවිරිදි දරුවෙකු මෙම වීඩියෝවේ සිටින බව අනාවරණය වීමත් සමග අදාළ සිද්ධිය රූගත කළ පුද්ගලයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා













