තනිකඩව දිවි ගෙවමින් දරුවන් පණ මෙන් රකින කලා ලොවේ සින්ගල් මාම්ලා

වර්තමානය වන විට විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට බොහෝ කැපකිරීම් කිරීමට සිදුවෙලා තියෙනවා.මෙවැනි හේතු කාරණා නිසාවෙන් විශාල පිරිසක් තම විවාහ ජීවිතය දික්කසාදයකින් කෙළවර කරගෙන තිබෙනවා.මෙවැනි පිරිස් අතර නළු නිළියන් සහ ලංකාවේ ප්‍රසිද්ධියට පත් චරිත ඉන්නවා.තම විවාහ දිවිය පිළිබඳව ඇත්තේ කළකිරීමක්නම් දික්කසාද වීමට හෝ තම ස්වාමියාගෙන් හෝ බිරිඳගෙන් වෙන්වී වෙනම ජීවත් වීමට සෑම කාන්තාවකටම මෙන්ම පුරුෂයකුට නිදහස තිබිය යුතුයි. එයට ලංකාවේ ඉමහත් ප්‍රසිද්ධියට පත්වී සිටිනා කාන්තාවන් කිහිපදෙනෙක් සිටිනවා තම දරුවන් සමඟ ජීවන ගමන සාර්ථක කර ගැනීමට උත්සාහ ගනු ලබන අතර කිසිම විටකදී තමන් දරුවකකු සමඟ වෙනම ජීවත්වනු ලබන බවට සමාජයෙන් වසන් කිරීමට ඔවුන් උත්සාහ නොකරයි. එවැනි single mom යන නමින් හදුන්වනු ලබන කාන්තාවන් කිහිපදෙනෙක් පිළිබඳවයි අද ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ.

1.පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියන නම කියූ පමණින්ම ලංකාවේ සිටින ඕනෑම කෙනෙක් ඇයව හඳුනයි. ලංකාවේ ප්‍රසිද්ධියට පත් කාන්තාවන් අතර මුලින්ම සිටින කාන්තාවකි. ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ මේ වන විට ලක්ෂ 20ක ආසන්න followers ප්‍රමාණයක් සිටියි. ඇයගේ ජනප්‍රියත්වය වර්තමානය වන විට ලංකාවට පමණක් නොව ඉන්දියාව දක්වාද විහිදී ඇත.

  1. නර්මදා යාපා අභයවර්ධන
    මීට වර්ෂ කිහිපයකට එනම් 2016 වසරේ ලංකාවේ Mrs.Sri Lanka කිරුළට හිමිකම් කියනු ලැබුවේ නර්මදා යාපා අභයවර්ධන මහත්මි‍යි. අවුරුදු 7ක පමණ විවහා දිවියකට සමුදී වර්තමානය වන විට තනිව ජීවිතයට මුහුණ දෙයි. යම් යම් අවස්ථාවල සමාජ මාධ්‍ය තුළින් පුවත් මැවීමට සමත් චරිත්යක් ලෙස නර්මදා යාපා අභයවර්ධන හැඳින්විය හැකිය. ඇය මේ වන විට පුතුන් දෙදෙනකුගේ ආදරණීය මවකි. සැමවිටම ඇය තම දරුවන් වෙනුවෙන් යුතුකම් ඉතා මැනවින් ඉටුකරයි. එපමනක් නොව තම සැමියාගෙන් වෙන්වී තනිව දිවිගෙවන බවට සමාජයෙන් සැඟවීමට කටයුතු සිදු කරන්නේ නැත.

3.නිල්මිණි තෙන්නකෝන්
නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ඉතා විශිෂ්ට රංගන ශිල්පිනියක් වෙයි. වයස අවුරුදු 16 දී පමණ රඟපෑමට යොමුවී ඇත. මේ වන විට චිත්‍රපට 25 ක පමණ රංගන දායකත්වය ලබාදී ඇත. ඇය වයස අවුරුදු 19ක් වන දියණියක් සිටින ආදරණීය මවකි. කුඩා කල පටන්ම දියණියගේ සියලුම කාර්යභාරය සිදු කරනු ලැබුවේ ඇය විසිනි.
ඇය සිය සැමියාගෙන් වෙන්වී යනවිට දුවට වයස අවුරුද්දක් පමණි. දික්කසාද වීමේදී උසාවියේදී ඇයට වන්දි ලෙස දරුවාගේ නඩත්තුව වෙනුවෙන් ලැබී ඇත්තේ මාසිකව රුපියල් 5000ක මුදලකි. එම මුදලද නිල්මිණි තෙන්නකෝන් මහත්මිය විසින් ප්‍රතික්ෂේප කර ඇත. කුඩා කල පටන්ම සිය දියණියට ආදරය සහ රැකවරණය ලබාදෙමින් මේ දක්වා පැමිණි ගමන පිළිබඳව අවධානය යොමු කරන විට නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හරි ආදරණීය මවකි.

4.පුෂ්පිකා ද සිල්වා
2021 වසරේ Mrs. Sri Lanka ලෙස කිරුළු පැළඳීම සමග දැඩි ලෙස කතාබහට ලක්වූ චරිතයකි. 2011 වර්ෂයේදී ඇය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් miss world තරගයට සහභාගි වීමට වාසනාව ලබාගන්නා ලදී. වයස අවුරුදු 32 ක් පමණ වන ඇය මේ වන විට විවාහයෙන් වෙන්වී සිය පුතු සමග තනිව ජීවත්වේ. වරින් වර සමාජ මාධ්‍ය තුළ පුවත් මවන චරිතයක් ලෙස ද ඇයව හැඳින්විය හැකියි. ඇය සහ ඇයගේ ආදරණීය පුතු සමග ඉතාමත් ආදරණීය ලෙස ජීවත් වේ.

  1. සමිතා මුදුන්කොටුව
    අපේ රටේ ඉන්න අති දක්ෂ ගායන ශිල්පිනියක්. මේ වන විට ඇය නැවත වරක් විවාහ වී සිටියත් බොහෝ කාලයක් සිය ආදරණීය දරුවන් තනිවම රැකබලා ගනිමින් ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය සහ අනෙකුත් සියලුම පහසුකම් සපයන්න ඉතාමත් වෙහෙස මහන්සි වී කටයුතු කළ ආදරණීය මවක්. හැමදාමත් සිය දරුවන් දෙදෙනා ගැන අභිමානයෙන් කතා කරන සමිතා මුදුන්කොටුව මහත්මිය නැවතත් විවාහ දිවියට එළඹුනා සිය ආදරණීය දරුවන් පණ මෙන් රැක බලා ගන්නට කටයුතු කරනවා. ඉතින් කාලයක් single mo කෙනෙක් විදිහට සිය දරුවන් වෙනුවෙන් ඇය කළ කැපකිරීම අනූපමේයයි.

අපි මේ කිව්වේ කිහිපදෙනෙක් ගැන විතරයි. නමුත් අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ වගේම විවිධ ක්ෂේත්‍රයන් තුළ විවාහ දිවියට සමු දෙමින් තනිකඩ ජීවිතයක් ගත කරමින් සිය දරුවන් පණ මෙන් රැක බලා ගන්නා මව්වරුන් ඕනෑ තරම් ඇති .
අගහිඟතා දුෂ්කරතා මැද බොහෝ සෙයින් කැපකිරීම් කරමින් දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය ඔවුන්ගේ ජීවිත සැපවත් කිරීමට අම්මාවරුන් ගන්නා උත්සාහය වදන් වලට පෙරළිය නොහැකි තරම්ය. ඉතින් මේ කලාකරුවන් ඇතුළුව මවක් ලෙස මව සහ පියා යන දෙදෙනාගේම යුතුකම් ඉටු කරමින් දරුවන් හදාවඩා ගන්නා සියලුම මව්වරුන්ට උපහාරයක්ම වේවා !



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00