ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් වූ වහාම JAICA ව්‍යාපෘති නැවත ඇරඹෙයි

මූල්‍ය ගැටලු හේතුවෙන් තාවකාලිකව නවතා ඇති සියලුම ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයෙන් (JAICA) ඉල්ලීමක් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ දකුණු ආසියාව සඳහා වන JAICA අධ්‍යක්ෂ ජනරාල් ඉතෝ තෙරුයුකි මහතා ඊයේ (20) හමුවූ අවස්ථාවේදී යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කළ වහාම ජයිකා ව්‍යාපෘති නැවත ආරම්භ කරන බවට තෙරුයුකි මහතා අග්‍රාමාත්‍යවරයාට සහතික වී තිබෙනවා.

රාජ්‍ය මූල්‍ය අර්බුදය හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් වටිනා JAICA ව්‍යාපෘති 12ක් තාවකාලිකව නතර කර තිබෙනවා.

ජපානය ද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම්වල ප්‍රගතිය පිළිබඳව JAICA නියෝජිත පිරිස සතුට පළ කරනු ලැබුවා.

නගර කිහිපයක ක්‍රියාත්මක ජල පිරිපහදු කිරීම, මලාපවහන, සනීපාරක්ෂාව සහ ඝණ අපද්‍රව්‍ය පිරිපහදු කිරීමේ ව්‍යාපෘති සඳහා දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහාය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා JAICA අධ්‍යක්ෂ ජනරාල්වරයාට ස්තූතිය පුද කළා.

පුනර්ජනනීය බලශක්තිය සහ දුම්රිය මාර්ග ඇතුළු පොදු ප්‍රවාහන පහසුකම් විද්‍යුත්කරණය කිරීම වැනි නව ක්ෂේත්‍ර සඳහා ද JAICA සහාය ලබා දෙන ලෙසටයි ඔහු එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි අවශ්‍ය නීති සම්පාදනය කරමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා JAICA නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබුවා.

ආණ්ඩු වෙනස් වුව ද ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘති සහ ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා අයවැය පනතක් සම්මත කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48