spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් වූ වහාම JAICA ව්‍යාපෘති නැවත ඇරඹෙයි

මූල්‍ය ගැටලු හේතුවෙන් තාවකාලිකව නවතා ඇති සියලුම ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයෙන් (JAICA) ඉල්ලීමක් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළේ දකුණු ආසියාව සඳහා වන JAICA අධ්‍යක්ෂ ජනරාල් ඉතෝ තෙරුයුකි මහතා ඊයේ (20) හමුවූ අවස්ථාවේදී යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කළ වහාම ජයිකා ව්‍යාපෘති නැවත ආරම්භ කරන බවට තෙරුයුකි මහතා අග්‍රාමාත්‍යවරයාට සහතික වී තිබෙනවා.

රාජ්‍ය මූල්‍ය අර්බුදය හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් වටිනා JAICA ව්‍යාපෘති 12ක් තාවකාලිකව නතර කර තිබෙනවා.

ජපානය ද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම්වල ප්‍රගතිය පිළිබඳව JAICA නියෝජිත පිරිස සතුට පළ කරනු ලැබුවා.

නගර කිහිපයක ක්‍රියාත්මක ජල පිරිපහදු කිරීම, මලාපවහන, සනීපාරක්ෂාව සහ ඝණ අපද්‍රව්‍ය පිරිපහදු කිරීමේ ව්‍යාපෘති සඳහා දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහාය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා JAICA අධ්‍යක්ෂ ජනරාල්වරයාට ස්තූතිය පුද කළා.

පුනර්ජනනීය බලශක්තිය සහ දුම්රිය මාර්ග ඇතුළු පොදු ප්‍රවාහන පහසුකම් විද්‍යුත්කරණය කිරීම වැනි නව ක්ෂේත්‍ර සඳහා ද JAICA සහාය ලබා දෙන ලෙසටයි ඔහු එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි අවශ්‍ය නීති සම්පාදනය කරමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා JAICA නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබුවා.

ආණ්ඩු වෙනස් වුව ද ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘති සහ ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා අයවැය පනතක් සම්මත කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?