ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අර්ථසාධක අරමුදලේ පොලී කප්පාදුවට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස මූලික විරෝධතා

සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 9 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සහ එහි මූල්‍ය මණ්ඩලය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබෙනවා.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී යි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් මහතා මූලික විරෝධතාවක් මතු කර සිටියේ.

විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය සිදු වනවා.

පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ වගඋත්තරකාර පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන මූලික විරෝධතා තම පෙත්සමට අදාළ නොවන බවයි.

පාර්ලිමේන්තුවේ අවධානය යොමු වූ කාරණයක් වුව ද ඒ තුළින් ජනතාවට දැඩි බලපෑමක් එල්ල වන්නේ නම් ඊට අධිකරණයට මැදිහත් විය හැකි බවට පූර්වාදර්ශ පවතින බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.

සේවක අර්ථසාධක අරමුදල වැනි සුබසාධන අරමුදලක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී කප්පාදු කෙරුණේ ඝානාව සහ ග්‍රෙනේඩාව යන රටවල පමණක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ එම රටවල ද අදාළ කාර්යය කෙරුනේ මහජනතාවගෙන් අදහස් විමසීමෙන් පසුව බවයි.

සේවක අර්ථසාධක අරමුදලේ අරමුදල් වලින් සියයට 90ක් භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර ඇති අතර සියයට 10ක් බැංකු ආශ්‍රිතව ආයෝජනය කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.

සේවක අර්ථසාධක අරමුදලේ රජය විසින් සිදුකර තිබෙන ආයෝජන සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 12 සිට 9% දක්වා අඩු කිරීමට එකඟ නොවන්නේ නම් 30%ක බද්දක් පැනවීමට සිදුවන බවට රජය විසින් කර තිබෙන ප්‍රකාශය අතිශය සාහසික බව ද ජනාධිපති නීතිඥවරයා චෝදනා කර තිබෙනවා.

එසේම මෙම ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද යන්න රජය විසින් මහජනතාවට මේ දක්වා පැහැදිලි කර නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ.කනගීෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සේවක අරමුදල් පනතට අනුව එම අරමුදලේ භාරකරු ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය බව පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ 17 වන වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට රජයට සිදුවුයේ රට මුහුණ දුන් දැවැන්ත මූල්‍ය අර්බුදය නිසා යැයි සදහන් කල ජනාධිපති නීතිඥවරයා කියාසිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඉකුත් ජුනි මස 28 වනදා අමාත්‍ය මණ්ඩලය මගින් සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එම යෝජනාවලට ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා ද සාමාජිකත්වය දරන පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවද අනුමත කර ඇති බවයි.

වැඩිදුර පෙත්සම සලකා බැලීම හෙට දින තෙක් කල් තැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18