spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ණය ආපසු ගෙවීම ගැන 23 සාකච්ඡා

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹි එකඟතාව පිළිබඳ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර පිළිබඳව මාර්ගගත ක්‍රමය ඔස්සේ එළඹෙන 23 දා ශ්‍රී ලංකා රජය දැනුවත් කරනු ඇතැයි බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වාර්තා කළේය.

ඉකුත් 1 වැනිදා ශ්‍රී ලංකා රජය,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ මූලික එකඟතාවයකට පැමිණියේය.ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මුදලක් ලබා ගැනීම වෙනුවෙනි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ නීති උපදේශන කටයුතු සඳහා ශ්‍රී ලංකාව සේවය ලබා ගත් ක්ලිෆර්ඩ් චාන්ස් නීති සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹී එකඟතාවය පිළිබඳ සහ ආර්ථිකයේ ඇති වූ වර්ධනයන් පිළිබඳව එළඹෙන 23 වැනිදා ශ්‍රී ලංකාව තම බාහිර ණය හිමියන්ව මාර්ග ගතව දැනුවත් කරනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා මෙරටට ලබා දී ඇති ණය, ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන් ගේ කැමැත්ත පෙන්වන සහතිකයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?