ඩොලර් මිලියන 12ක ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ඇමරිකාවෙන් මෙරටට

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් ඩොලර් මිලියන 12ක් වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සුප්‍රසිද්ධ ඇමරිකානු මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන සමඟ එක්ව ඖෂධ ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වන විට අවස්ථා 03කදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මෙම ඖෂධ තොග එවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහි අවසන් ඖෂධ තොගය හා වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකා රජය වෙත අද (02) පිරිනැමීමට නියමිත බව සඳහන්.

මේ අතර ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා ආධාර ලබාගැනීම උදෙසා මානුෂීය සංවිධාන හා නියෝජිත ආයතන සමඟ ඉදිරියටත් කටයුතු කරන බවත් මෙවර ත්‍යාගශීලී වූ Heart to Heart International, Hope Worldwide, Americares ආතනවලට කෘතඥතාව පළ කරන බවත් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ප්‍රකාශ කළා .

Heart to Heart International ආයතනය විසින් ඩොලර් මිලියන 9.131ක ඖෂධ තොගයක් පසුගිය ජූලි මාසයේදී මෙරටට එවා ඇති අතර, සැප්තැම්බර් මාසයේ Americares ආයතනය එවන ලද ආධාරවල වටිනාකම ඩොලර් 773,000 ඉක්මවනවා.

ඔක්තෝබර් මස මුල් සතියේ ශ්‍රී ලංකාවට එවීමට නියමිත Hope Worldwide හි ආධාර තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන1.74කට වඩා අධිකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27