spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩොලර් මිලියන 12ක ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ඇමරිකාවෙන් මෙරටට

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් ඩොලර් මිලියන 12ක් වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සුප්‍රසිද්ධ ඇමරිකානු මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන සමඟ එක්ව ඖෂධ ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වන විට අවස්ථා 03කදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මෙම ඖෂධ තොග එවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහි අවසන් ඖෂධ තොගය හා වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකා රජය වෙත අද (02) පිරිනැමීමට නියමිත බව සඳහන්.

මේ අතර ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා ආධාර ලබාගැනීම උදෙසා මානුෂීය සංවිධාන හා නියෝජිත ආයතන සමඟ ඉදිරියටත් කටයුතු කරන බවත් මෙවර ත්‍යාගශීලී වූ Heart to Heart International, Hope Worldwide, Americares ආතනවලට කෘතඥතාව පළ කරන බවත් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ප්‍රකාශ කළා .

Heart to Heart International ආයතනය විසින් ඩොලර් මිලියන 9.131ක ඖෂධ තොගයක් පසුගිය ජූලි මාසයේදී මෙරටට එවා ඇති අතර, සැප්තැම්බර් මාසයේ Americares ආයතනය එවන ලද ආධාරවල වටිනාකම ඩොලර් 773,000 ඉක්මවනවා.

ඔක්තෝබර් මස මුල් සතියේ ශ්‍රී ලංකාවට එවීමට නියමිත Hope Worldwide හි ආධාර තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන1.74කට වඩා අධිකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?