ඩොලරයේ මිල තවත් ඉහලට

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල තවත් ඉහළ ගොස් තිබේ. මේ මොහොත වන විට මෙරට බලපත්‍ර ලාභී වාණිජ බැංකු කිහිපයක් ම එහි විකුණුම් මිල රුපියල් 385ක් ලෙස සටහන් කර තිබේ.

ලංකා බැංකුව විකුණුම් මිල රු. 385ක් ලෙස සඳහන් කර ඇති අතර සම්පත් බැංකුව රු. 380ක් ලෙස සඳහන් කර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව රු. 374ක් ලෙස එහි විකුණුම් මිල සඳහන් කර තිබේ.