ඩේවිඩ් වෝනර්ට අත්වූ අවාසනාවන්ත ඉරණම නිසා සමාජ මාධ්‍ය උණුසුම් වෙයි

2021, ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 28 වන තරඟය ලකුණු 55කින් ජයගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, සන්රයිසස් හයිද්‍රබාත් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරඟයේ කාසියේ වාසිය දිනු හයිද්‍රබාත් කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් දැවි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 220ක්.

එහිදී ජෝෂ් බට්ලර් ලකුණු 124 ලබා ගත් අතර එය මෙවර තරඟාවලියේ දී ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි

අනතුරුව ලකුණු 221ක ජයග්‍රාහි  ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි, සන්රයිසස් පිළට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 165ක් පමණයි.

මෙම තරඟයේදී හයිද්‍රභාත් කණ්ඩායම කේන් විලියම්සන් විසින් මෙහෙයවනු ලැබුවා.

ඒ, එම කණ්ඩායමේ කළමණාකරීත්වය විසින් නව නායක ලෙස ඔහු පත් කිරීම හේතුවෙන්.

මෙපමණ කාලයක් කණ්ඩායමේ නායකා ලෙස කටයුතු කළ ඩේවිඩ් වෝනර්ට ඊයේ දිනයේදී ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවීමත් විශේෂත්වයක් වනවා.

කෙසේ වෙතත්, අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඔහු විසින් සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙත ජලය රැගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හයිද්‍රභාත් කණ්ඩායමේ පුහුණුකරු කියා සිටියේ, විදෙස් ක්‍රීඩකයින්ගේ දක්ෂතාවය පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවයි.

තම කණ්ඩායම මේ දක්වා ක්‍රීඩා කර ඇති තරග 07න් 06ක් පරාජයට පත්ව තිබීම හේතුවෙන්, මෙවැනි තීරණයක් ගැනීමට සිදු වූ බවත් එහිදී ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් ඩේවිඩ් වෝනර් 12 වන ක්‍රීඩකයා ලෙස කණ්ඩායමේ රැඳි සිටිනු ඇති බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් විශ්මයට පත් වූ බව ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් පැවසූ බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09