spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩුබායි සුද්දාට ඇප

විරෝධතාවක නිරතව සිටියදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගත් නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුද්දා නම් සැකකරු ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.

බලපත්‍ර නොමැතිව විදෙස් රැකියා සඳහා පුද්ගලයන් යොමු කිරීමේ චෝදනා මත සැකකරු අද පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන් භාරයට ගනු ලැබුවා.

අනතුරුවයි ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?