ඩිජිටල් ආර්ථික විසඳුම් කඩිනම් කිරීමට නිලධාරීන්ට ජනපතිගෙන් උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වුණා.

රජයේ ප්‍රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට අදාළ මාර්ග සිතියම යටතේ සැලසුම් කරන ලද ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුව තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදෙන පොදු ඩිජිටල් යටිතල පහසුකම් සඳහා වූ විසඳුම් කඩිනම් කිරීම සහ විශේෂයෙන් විද්‍යුත් ජාතික හැඳුනුම්පත, GovPay රාජ්‍ය ගෙවීම් පද්ධතිය, ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය හා ඩිජිටල් ආර්ථික ආදායම් ඉලක්ක සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේත් ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේත් කටයුතු පුළුල් කිරීම පිළිබඳව මෙන්ම නව නීති මගින් ඩිජිටල් ආර්ථික අධිකාරිය හා සයිබර් ආරක්ෂණය පිළිබඳ ආයතන පිහිටුවීම පිළිබඳ යෝජනාද මෙහිදී සමාලෝචනය කරනු ලැබුවා.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන අය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ හා අදාළ ආයතනවල සභාපතිවරු, ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28