spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයාගේ ඝාතකයෝ අල්ලයි – පියපුතු දෙපළකුත් ඒ අතර

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් නැමැත්තාගේ සහෝදරයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  සැකකරුවන්  සිව්දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූවන් අතර එකම පවුලේ පිය පුතු දෙපළක් ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී සැකකරුවන් සමඟ ඝාතනයට යොදාගත් කඩු දෙකක් , ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ ජූලි මස 25 වන දින වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල දී තියුණු ආයුධවලින් කපා කොටා මෙම ඝාතනය සිදුකර තිබුණා.

සැකකරුවන් කඩවත සහ මීතොටමුල්ල  ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 21, 25 සහ 50 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සිව්දෙනා අතර සිටින එක් සැකකරුවෙක් මිනිස් ඝාතන 03කට සම්බන්ධ පුද්ගලයෙක් බවට ද හඳුනාගෙන තිබෙනවා.

සැකකරුවන් අද (04) දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?