ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයාගේ ඝාතකයෝ අල්ලයි – පියපුතු දෙපළකුත් ඒ අතර

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් නැමැත්තාගේ සහෝදරයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  සැකකරුවන්  සිව්දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූවන් අතර එකම පවුලේ පිය පුතු දෙපළක් ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී සැකකරුවන් සමඟ ඝාතනයට යොදාගත් කඩු දෙකක් , ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ ජූලි මස 25 වන දින වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල දී තියුණු ආයුධවලින් කපා කොටා මෙම ඝාතනය සිදුකර තිබුණා.

සැකකරුවන් කඩවත සහ මීතොටමුල්ල  ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 21, 25 සහ 50 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සිව්දෙනා අතර සිටින එක් සැකකරුවෙක් මිනිස් ඝාතන 03කට සම්බන්ධ පුද්ගලයෙක් බවට ද හඳුනාගෙන තිබෙනවා.

සැකකරුවන් අද (04) දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18