ඩ්‍රෝන යානයක් නිසා තරුණයෙකුට වැඩ වරදියි

ඩ්‍රෝන යානයක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ නීති වීරෝධීව එම යානය ගුවන් ගත කළ බවට චෝදනා නගමින්.

මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල රොබට් පෙදෙස ප්‍රදේශයේ දීයි.

ඊයේ (15) පස්වරු 6.00 ට පමණ මෙලෙස අත්අඩංගුවට පත්වූ තරුණයා දෙහිවල ප්‍රදේශයේම පදිංචි අයෙක් බව සඳහන්.

ඔහුව අද (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

තරුණයා සතුව තිබූ ඩ්‍රෝන යානය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මොහු ඩ්‍රෝන යානය මෙහෙයවා ඇත්තේ කුමන අරමුණක් යටතේ ද යන්න මෙතෙක් වාර්තා වන්නේ නැහැ.