ඩයනාට එරෙහිව ඇති චෝදනා කියවා දෙයි

ඩයනා ගමගේ යනුවෙන් සිය නම ඇතුළත් කළ ජාතික හැදුනුම්පතක් සෑදීම සඳහා ව්‍යාජ උප්පැන්න සහතිකයක් සෑදීමට අනුබල දීම ඇතුළු චෝදනා යටතේ ගොනුකර ඇති නඩුවේ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ යන අයට අද (09) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ චෝදනා කියවා දුන්නා.

ඒ අනුව අධි චෝදනා තුන කියවාදීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර ඇති අධි චෝදනා තුනට තමන් නිවැරදිකාරිය වන බවට විත්ති කූඩුවේ සිට ඩයනා ගමගේ යන අය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

අනතුරුව විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර තම සේවාදායිකාවට එරෙහිව ගොනුකර ඇති පළමු හා දෙවන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට කරුණු පෙන්වා දෙමින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කර සිටියා.

තම සේවාදායිකාවට එරෙහිව ගොනුකර ඇති චෝදනාවලට පදනම් වී ඇත්තේ ඇයගේ නම සංශෝධනය කිරීමට අදාළව 2003.12.11 දින අංක 4685 දරණ උප්පැන්න ලේඛනයට යොදා ඇති සටහනක් බවට පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

එසේම චෝදනා ගොනුකර ඇති දිනය හා සසඳා බලන විට වසර විස්සක කාලයක් ගෙවී ගොස් ඇති බැවින් මෙම චෝදනා පදනම් විරහිත බැවින් චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥවරයා සිය මූලික විරෝධතාව ඉදිරිපත් කළා.

විත්තිය විසින් ඉදිරිපත් කරන ලද එම මූලික විරෝධතාව පදනම් විරහිත බවට නිගමනය කරමින් මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා මෙම නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට සාක්ෂි විභාගයට ගැනීමට නීතිපතිවරයාට අවසර ලබා දුන්නා.

එම ලේඛනයේ සඳහන් කර ඇති දිනය හා සසඳා බලන විට වසර විස්සක කාලයක් ගෙවී ගොස් ඇති බැවින් එම චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියේ නීතිඥවරයා මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළද චෝදනා සම්බන්ධයෙන් නිගමනය කළ යුත්තේ මෙම අවස්ථාවේදී නොව නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව බවට විනිසුරුවරයා එහිදී ප්‍රකාශ කළා.

පැමිණිල්ලේ සාක්ෂි අනුව චෝදනා පත්‍රයේ සඳහන් යම් චෝදනාවක් සනාථ නොවන්නේ නම් විත්තිකාරිය එම චෝදනාවලින් නිදහස් කිරීමට තම අධිකරණය පියවර ගන්නා බව ද විනිසුරුවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ විශ්‍රාමික දොන් සුමතිපාල මහතා රජයේ අධි නීතිඥ අකිලා දල්පදාදු මහත්මියගේ මෙහෙයවීමෙන් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන් අතර නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන මාර්තු මස 05 දින දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කෙරුණා.

2004 ඔක්තෝබර් මස 09 හා 2004 දෙසැම්බර් 01 කාලය අතරතුරදී සිය නම ඩයනා ගමගේ ලෙස නීත්‍යානුකූලව සංශෝධනය කර නොමැති බව හා ශ්‍රී ලංකා පුරවැසියකු නොවන බව දනිමින් ම සිය නම ඩයනා ගමගේ ලෙස ඇතුළත් කොට ජාතික හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා ව්‍යාජ උප්පැන්නක් සෑදීමට අනුබල දීම එයට රජයේ නිලධාරීන් පෙළඹවීමට උත්සහා දැරීම ඇතුළු චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22