ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන අධිකරණ තීරණයට දින නියම වෙයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් මස 18 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනු කළ පෙත්සමේ විභාගය අවසන් කිරීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ ඒ. මරික්කාර් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ වග උත්තරකාර ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව අධිකරණය හමුවේ ගොනු කර ඇති කරුණු අනුව පෙනී යන බවත් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සුදුසු කමක් නොමැති බවයි.

ඇයට ශ්‍රී ලාංකීක පුරවැසි සහතිකයක් තිබේ නම් එය අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවත් එසේ කළ හොත් මෙම නඩුව අවසන් කිරීමට හැකියාව තිබෙන බවත් නීතිඥවරයා කියා සිටියා.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් මෙරට අමාත්‍ය ධූරයක් දැරීම අතිශය භයානක තත්ත්වයක් බවත් ඒ තුළින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් නීතිඥවරයා සඳහන් කළා.

වග උත්තරකාර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහිදී කියාසිටියේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව නඩුවට අදාළව ඉදිරිපත් කර තිබෙන ලේඛන පිරික්සීමේදී පෙනී යන බවයි.

ඇය වීසා ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණ මෙරට වාසය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ ඇය විසින්ම පිළිගෙන ඇති බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

පෙත්සම්කරු මෙම නඩුකරයට අදාළව ඉදිරිපත් කර තිබෙන ඇතැම් ලේඛන පිරික්සීමේදී ඒවා සාක්ෂිමය වටිනාකමක් නොමැති සහතික නොකළ ලේඛන බවයි ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ.

එම ලේඛන මත මෙම පෙත්සම පවත්වාගෙන යා නොහැකි බවත් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කලයුතු බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තම සේවාදායකයිකාවට ශ්‍රී ලංකා පුරවැසිභාවය නොමැති බවට පෙත්සම තුළින් සඳහන් කර ඇති කරුණු සම්පූර්ණයෙන්ම බැහැර කළ ජනාධිපති නීතිඥවරයා වග උත්තරකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස නම් කරන ලද්දේ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් බවත් කියාසිටියා.

මෙම පෙත්සමේ අන්තර්ගත කරුණු සියල්ලම පාහේ මතභේදයට තුඩු දෙන කරුණු බවත් එවැනි කරුණු මත තීන්දුවකට එළඹීමට අධිකරණයට හැකියාවක් නොමැති බැවින් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිස්නා වර්ණකුල මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තව දුරටත් සිදු කරමින් පවතින බවයි.

ඩයනා ගමගේගේ පුරවැසිභාවය පිලිබඳව මෙරට බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් වාර්තාවක් කැඳවීමට විමර්ශකයින් ඉල්ලීමක් කර ඇති බවත් ඇය සඳහන් කළා.

මෙහිදී විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්‍රශ්නයක් මතු කරමින් විමසා සිටියේ ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් නම් අය පාර්ලිමේන්තුවට පත් කලේ ඇයිද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් මහතා කියා සිටියේ ඇය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව දැනගත්තේ ඇයට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ බී වාර්තාවක් ඉදිරිපත් වීමෙන් පසුව බවයි.

එම අවස්ථාව වන විට අය පාර්ලිමේන්තුවට පත්කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය අවසන් කළා අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව එහි තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා දින නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට රු. 120ට වී ගන්න බෑ - අපි අසරණ වෙලා ඉන්නේ
08:56
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
02:30
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06