ටිරාන් අලස්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ආසියානු අන්තර්ජාල එකමුතුව කියයි (වීඩියෝ)

මාර්ගගත ආරක්ෂාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ආසියානු අන්තර්ජාල එකමුතුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ ජෙෆ් පේන් පවසන්නේ එහි දී සිදු කරන ලද ඇතැම් ප්‍රකාශයන් සමග කිසිසේත් එකඟ විය නොහැකි බවයි.

මාර්ගගත ආරක්ෂාව සම්බන්ධයෙන් වන කෙටුම්පත මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම කෙටුම්පත සඳහා ආසියානු අන්තර්ජාල එකමුතුව හෙවත් Asia Internet Coalition හි සම්පූර්ණ කැමැත්ත හා එකඟතාව ලද බවයි.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ආසියානු අන්තර්ජාල එකමුතුවේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙෆ් පේන් සඳහන් කරන්නේ අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී කළ ඇතැම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් සිය අවධානය යොමු කිරීමට සහ ප්‍රතික්ෂේප
කිරීමට ආසියා අන්තර්ජාල සන්ධානය කැමත්තෙන් පසුවන බවයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළ, ආසියා අන්තර්ජාල සන්ධානය විසින් සිංගප්පූරුවේ දී වාර්ෂිකව සංවිධානය කරන ලද ඔන්ලයින් ආරක්ෂණ සංසදයේ ඉදිරිපත් කිරීම් මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයින් සඳහා ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සත්කාරකත්වය ලබා දීම වැනි කටයුතු සම්බන්ධයෙන් දැක්වූ දායකත්වයන්
පිළිබඳව නිවැරදිව පිළිබිඹු නොවූ බවයි.

කෙසේ වෙතත් 2024 ජනවාරි 8 වැනිදා අමාත්‍යාංශයට ආසියා අන්තර්ජාල සන්ධානය විසින් අවසන් වරට ඉදිරිපත් කළ යාජනාවලිය අනුව මෙම පනත වඩාත් ගැලපෙන ලෙස සැකසීමට සිය සංසදයේ සහයෝගීතාව සහ කැපවීම තිබියදීත්, පනත් කෙටුම්පතට යෝජිත සංශෝධන නිසියාකාරව ඇතුලත් කිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බවට ආසියා අන්තර්ජාල සන්ධානය චෝදනා කරනවා.

එමෙන්ම මෙම ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත එහි වර්තමාන ස්වරූපයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඒ හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට අයහපත් බලපෑම් ඇතිවිය හැකි අතරම විදේශ සෘජු ආයෝජන අඩාල කරන බවත් ඔවුන්ගේ ස්ථාවරය බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම මෙම පනත් කෙටුම්පත වර්තමාන ලෝක තත්ත්වයන් සමඟ පෙළගැස්වීමට නම්, එහි පුළුල් සංශෝධන අත්‍යවශ්‍ය බව ආසියා අන්තර්ජාල සන්ධානය තරයේ විශ්වාස කරන බව ආසියානු අන්තර්ජාල එකමුතුවෙහි කළමනාකාර අධ්‍යක්ෂ ජෙෆ් පේන් අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00