spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ටියුෂන් දුන් දොස්තරට කොවිඩ්

කන්තලේ පේරාරු ප්‍රදේශයේ පෞද්ගලික පන්ති පවත්වන කල්මුණේ රෝහලේ සේවයේ නියුතු මුස්ලිම් ජාතික වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇති බැවින් කන්තලේ ප්‍රදේශයේ වෙසෙන ඔහුගේ මව්පියන් සහ පන්තිවලට සහභාගි වූ සිසුසිසුවියන් සොයා නිරෝධායනය කිරීමට කන්තලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊයේ (20 වැනිදා) ක්‍රියා කළහ.

මෙම වෛද්‍යවරයා ගේ මව්පියන් සහ සොහොයුරියක් කන්තලේ ප්‍රදේශයේ ජීවත් වේ.ඔහු සෙනසුරාදා සහ ඉරිදා දිනවල සිය නිවසට පැමිණ පන්ති පවත්වා ඇත.

මේ සඳහා කන්තලේ අල්තාරික්, අයීෂා සහ පේරාතුවෙලි යන මුස්ලිම් විද්‍යාලවල සිසුන් බොහෝ පිරිසක් සහභාගි වී ඇත. එබැවින් සියයකට වැඩි සිසුන් පිරිසක් නිරෝධායනය කිරීමට සිදුවෙතැයි සෞඛ්‍ය බලධාරීහූ අනුමාන කරති.

මෙම වෛද්‍යවරයා උගන්වා ඇති විෂයයන් මොනවාදැයි සහ ආසාදිත සිසුන් ඉගෙනුම ලබන පාසල් පිළිබඳව කළ විමසීමේ දී කන්තලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඊ.ජී.පී. අයි ධර්මතිලක සඳහන් කළේ ඒ සම්බන්ධව ඒ වනතෙක් තොරතුරු ලැබී නැති බවයි. මේ සම්බන්ධ සාකච්ඡාවක්ද කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති බවද වාර්තා වේ.

මහින්ද සේනාරත්න -කන්තලේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?