ටියුෂන් දුන් දොස්තරට කොවිඩ්

කන්තලේ පේරාරු ප්‍රදේශයේ පෞද්ගලික පන්ති පවත්වන කල්මුණේ රෝහලේ සේවයේ නියුතු මුස්ලිම් ජාතික වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇති බැවින් කන්තලේ ප්‍රදේශයේ වෙසෙන ඔහුගේ මව්පියන් සහ පන්තිවලට සහභාගි වූ සිසුසිසුවියන් සොයා නිරෝධායනය කිරීමට කන්තලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඊයේ (20 වැනිදා) ක්‍රියා කළහ.

මෙම වෛද්‍යවරයා ගේ මව්පියන් සහ සොහොයුරියක් කන්තලේ ප්‍රදේශයේ ජීවත් වේ.ඔහු සෙනසුරාදා සහ ඉරිදා දිනවල සිය නිවසට පැමිණ පන්ති පවත්වා ඇත.

මේ සඳහා කන්තලේ අල්තාරික්, අයීෂා සහ පේරාතුවෙලි යන මුස්ලිම් විද්‍යාලවල සිසුන් බොහෝ පිරිසක් සහභාගි වී ඇත. එබැවින් සියයකට වැඩි සිසුන් පිරිසක් නිරෝධායනය කිරීමට සිදුවෙතැයි සෞඛ්‍ය බලධාරීහූ අනුමාන කරති.

මෙම වෛද්‍යවරයා උගන්වා ඇති විෂයයන් මොනවාදැයි සහ ආසාදිත සිසුන් ඉගෙනුම ලබන පාසල් පිළිබඳව කළ විමසීමේ දී කන්තලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඊ.ජී.පී. අයි ධර්මතිලක සඳහන් කළේ ඒ සම්බන්ධව ඒ වනතෙක් තොරතුරු ලැබී නැති බවයි. මේ සම්බන්ධ සාකච්ඡාවක්ද කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති බවද වාර්තා වේ.

මහින්ද සේනාරත්න -කන්තලේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පාරට බහියි
00:58
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20