අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් පහත හෙළීමට ගෙන ඇති තීරණය තම පක්ෂය විසින් පිළිගන්නා බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම නිවේදනයට අනුව තීරු බදු අඩු කරගැනීම සම්බන්ධයෙන් රජයට විශේෂ ස්තූතිය පිරිනමන බවද සඳහන්.
එමෙන්ම ඇමරිකාව විසින් නව තීරු බදු සංශෝධනයන් පිළිබඳව සිදුකළ නිවේදනයේ සඳහන් ‘වෙළඳ සහ ආරක්ෂක බැඳීම්’ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කරනා ලෙසත් එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකළ නිවේදනය මඟින් දැනුම්දී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
5
+1
1
+1
+1
1
+1
2
















