ජෝර්දානයේ පීඩාවට ලක්වූ ශ්‍රී ලාංකිකයන් ගැන කාර්යාංශයෙන් දැනුම්දීමක්

ජෝර්දානයේ පවත්වා ගෙන ගිය ඇගළුම් කර්මාන්ත ශාලා දෙකක් වසා දැමීම හේතුවෙන් පීඩාවට පත්ව සිටි ශ්‍රී ලාංකිකයින්ගේ සුභ සාධන කටයුතු සහ සෙසු අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් මේ වන විට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ජෝර්දානයේ පවත්වා ගෙන ගිය අසීස් යුනිවසර්ල් සහ හයි ඇපරල් ආයතන පසුගියදා වසා දැමීමටයි එම ආයතනවල බලධාරීන් කටයුතු කර තිබුණේ.

අසීස් යුනිවසර්ල් ආයතනයේ ශ්‍රී ලාංකිකයින් 153 දෙනෙකු සහ හයි ඇපරල් ආයතනයේ ශ්‍රී ලාංකිකයින් 67 දෙනෙකු සේවය කරමින් සිට තිබෙනවා.

අදාළ කර්මාන්ත ශාලා වසා දමා ඇතත් එම ආයතනයන්හි නේවාසිකාගාරවල රැකියාව අහිමිවී ඇති සේවකයින්ට නවාතැන් පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති බවයි ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙරටට දන්වා ඇත්තේ.

තමන්ට අවශ්‍ය ආහාර,ජලය සහ විදුලිය ප්‍රමාණවත් ආකාරයට ලැබෙන බව අසීස් යුනිවසර්ල් ආයතනයේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් ලිපියක් මගින් ජෝර්දානයේ මෙරට තානාපති කාර්යාලයට දැනුම්දී තිබෙනවා.

රැකියා අහිමිවූ සේවක සේවිකාවන්ට තමන්ගේ මව් රටවල්වලට යාමට අවශ්‍ය ගුවන් ටිකට් පත් ලබා දීමට කටයුතු කළ හැකි බවයි වසා දමා ඇති ඇගළුම් කර්මාන්ත ශාලාවල හිමිකරුවන් පවසා ඇත්තේ.

ගුවන් ටිකට් පතට අමතරව සේවකයින්ගේ හිඟ වැටුප්, වෙනත් දීමනා සහ සමාජ ආරක්ෂණ වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන ලෙස එරට කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට ජෝර්දානයේ පිහිටි ඉන්දියාව සහ බංග්ලාදේශය නියෝජනය කරන තානාපතිවරුන් ද එක්වූ බව සඳහන්.

කැමැත්ත පළ කර ඇති ශ්‍රී ලාංකිකයින් 62කට නව සේවා ස්ථාන ලබා දීමටත්, සෙසු පිරිස සඳහා ජනවාරි මාසය තුළ මෙරටට පැමිණීම සදහා ගුවන් ටිකට් පත් ලබා දීමත් සිදු කිරීමට ජෝර්දාන කම්කරු අමාත්‍යාංශය එකඟතාවය පළ කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රකාශ කළේ.

ඇඟළුම් කර්මාන්ත ශාලා වසා දැමීම හේතුවෙන් පීඩාවට පත් වූ ශ්‍රී ලාංකිකයින්ට සහනයක් ලබා දීමට අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා නීතිඥ ආයතන 03ක් සමග ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වන විට සාකච්ඡා කර ඇති අතර ඔවුන්ගෙන් ලැබෙන පිළිතුර අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට නියමිත බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළා.

මේ අතර ජෝර්දානයේ රැකියා අහිමිවී සිටින ඇඟලුම් සේවකයන් සම්බන්ධයෙන් අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ද අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව එම කර්මාන්ත ශාලා වසා තැබීම හේතුවෙන් ඉවත් කළ සේවකයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හා ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරින්ට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14