ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

සතොස සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර, වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමේ චෝදනාව යටතේ හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා සඳහා වැඩිදුර සාක්ෂි විභාගයට දින නියම කර තිබෙනවා.

අද (21) පෙරවරුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී ලබන ජුනි මස 03 වැනි දින එකී වැඩිදුර සාක්ෂි විමසීම සිදු කරන බවයි කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්.එස් සපුවිද මහතා නියෝග කළේ.

එම නඩුවේ පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා රාජකාරි කටයුත්තක් සඳහා විදෙස්ගත වීම හේතුවෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටින සහකාර අධ්‍යක්ෂවරිය කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළ බව දසත අධිකරණ වාර්තාකරු පැවසුවා.

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අද අධිකරණය ඉදිරියේ පෙනී සිටි පැමිණිල්ලේ තුන්වැනි සහ සිව්වැනි සාක්ෂිකරුවන්ට එදින (ජුනි මස 03) යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලේ පස්වැනි සාක්ෂිකරු වන ඒ.එම්. විජේරත්න නමැත්තාට නැවත සිතාසි යවන ලෙස නියම කළා.

2010 සිට 2015 දක්වා කාලය තුළ සිදු වී ඇති එකී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හිටපු සමූපකාර හා වෙළෙඳ කටයුතු අමාත්‍යවරයාට අමතරව සතොස හිටපු සභාපති ඉරාජ් ප්‍රනාන්දු සහ මොහොදීන් සාජා මොහොමඩ් නමැත්තාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12