ජොන්ස්ටන් එරෙහිව යළි නඩුවක් 

අද (30) කොළඹ මහාධිකරණය හමුවේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් යළි නඩුවක් ගොනු කර තිබේ. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් ශාකීර් යන අය නම් කර තිබෙනවා.

ඉකුත් යහපාලන රජය සමයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබු අතර එම නඩු සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගෙන් ඉකුත් ලිඛිත අනුමැතිය හිමිවී නොමැති බවට විත්ති පාර්ශවය විසින් මතුකළ මූලික විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව එම කොමිසම විසින් අදාළ චෝදනා ඉල්ලා අස්කරගෙන තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?