ජෙහාන් අප්පුහාමි ඇතුළු 6ක් අත්අඩංගුවට

වරෙන්තු මත සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් 04 දෙනෙකු පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෙසු 04දෙනා අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ කොළඹ මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත්වීමයි.

මීට අමතරව ප්‍රවීණ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ද පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.