ජීවිත 07ක් අහිමිකරමින් අනතුර සිදු වූ නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තහනම්

නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය අද (21) දිනයේ සිට තාවකාලිකව තහනම් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ සඳහන් කරනවා.

එම මාර්ගය අධික බැවුම් සහිත මාර්ගයක් වීම හේතුවෙන් මීට ඉහත රිය අනතුර ගණනාවක් සිදු වී ඇති බැවින්, එහි බර වාහන ධාවනය තාවකාලිකව නතර කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ සහ නානුඔය පොලිසිය තමන්ගෙන් කළ ඉල්ලිමක් මත මෙම පියවර ගත් බවයි දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ.

ඒ, අනුව එම මාර්ගයේ ගමන් ගන්නා බර වාහන නානුඔය – කිරිමැටිය මාර්ගය ඔස්සේ ධාවනය කරන ලෙසත් රියදුරන්ට දැනුම් දෙනවා.

ඊයේ (20) පස්වරුවේ මෙම මාර්ගයේ ගමන්ගත් පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් සහ වෑන් රථයක් ගැටී සිදුවූ දරුණු අනතුරුන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මාරාන්තික අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකුගේ ජීවිත අහිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10
Video thumbnail
සාමකාමි විරෝධතාවට මුහුණ දෙන්න බැරිව ජනපති අනුර හැංඟිලා..කඳුළු ගෑස් ගහන්න ගියේ අපිට - මේවා පුරුදුයි
05:28
Video thumbnail
කළුතරම සලිත කරමින් කළුගඟ ඉවුරෙන් හමුවූ අභිරහස් සිරුර..ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස නෑ
00:55
Video thumbnail
ඔය තමුසේ ටෝක් අපිත් එක්ක එපා - පැලවත්තට ගිහින් දෙන්න
12:05
Video thumbnail
සුගීශ්වර ඇතුළු සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
12:19
Video thumbnail
හෑවගේ කියලා කවුරුත් නෑ - අපහාස කරන එක නවත්වන්න
04:42
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව ගැන සජිත් කිව්ව දේ..
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
02:01:54
Video thumbnail
චාමරව සම්පත්ව පාර්ලිමේන්තුවෙන් දොට්ට දායි - ඔය අහිංසක මිනිහාව අවුස්සන්න එපා
12:21
Video thumbnail
සජිත් රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වයි
02:34