spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජීවන්ත පීරිස් පියතුමන්ට ඇප

අද (12) පෙරවරුවේ නීතිඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ජීවන්ත පීරිස් පියතුමන් හට අධිකරණයෙන් ඇප නියම වී තිබෙනවා.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබූ විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධවීම එරෙහිව ජීවන්ත පීරිස් පියතුමන්ට චෝදනා එල්ල වී තිබුණා.

පියතුමන් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සැකකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එහිදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළා.

මේ අතර පියතුමන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කළ අතර, හෙටදින පොලීසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද නියෝග කළා.

පැමිණිල්ල නැවත කැඳවීම ලබන 26 වනදා සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?