ජීවන්ත පීරිස් පියතුමන්ට ඇප

අද (12) පෙරවරුවේ නීතිඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ජීවන්ත පීරිස් පියතුමන් හට අධිකරණයෙන් ඇප නියම වී තිබෙනවා.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබූ විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධවීම එරෙහිව ජීවන්ත පීරිස් පියතුමන්ට චෝදනා එල්ල වී තිබුණා.

පියතුමන් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සැකකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එහිදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළා.

මේ අතර පියතුමන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කළ අතර, හෙටදින පොලීසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද නියෝග කළා.

පැමිණිල්ල නැවත කැඳවීම ලබන 26 වනදා සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03