ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්?

ඊශ්‍රායලය හමුදා ක්‍රියාමාර්ග නතර කරන ලෙස නියෝගයක් නිකුත් කිරීමට නෙදර්ලන්තයේ හේග් අගනුවර පිහිටා ඇති ජාත්‍යන්තර අධිකරණය තීන්දු කරනු ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ගාසා තීරයේ සිය හමුදා මෙහෙයුම් නතර කරන ලෙස ඊශ්‍රායලයට නියෝග කරමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රේෂ්ඨාධිකරනයට හදිසි පියවර ගත හැකි බවටයි ජාත්‍යන්තර විශ්ලේෂකයින්
සඳහන් කරන්නේ.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණයේ විභාග කෙරෙන මෙම නඩුව ඊශ්‍රායලය ජන සංහාරයක් සිදු කරන බවට චෝදනා කරමින් දකුණු අප්‍රිකාව විසින් ගොනු කරන ලද්දක්.

මීට සති දෙකකට පෙර මෙම නඩුව ආරම්භ වූ විට රටවල් දෙකම ඒ සඳහා සාක්ෂි දුන් අතර, ඊශ්‍රායලය පවසා සිටියේ දකුණු අප්‍රිකාව සත්‍යය විකෘති කරමින් සිදු කරනා ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනා බවයි.

එමෙන්ම භාහිර ප්‍රහාරයන් හමුවේ තමන්ට ආරක්ෂා වීමට අයිතියක් ඇති බවත්, මෙම සටනේ ඉලක්කය පලස්තීන සිවිල් වැසියන් නොව හමාස් සටන්කාමීන් බවත් ඔවුන් වැඩි දුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් මෙම අධිකරණය හරහා ඊශ්‍රායලයට එරෙහිව ලබා දෙන තීන්දුවක් බලාත්මක කළ නොහැකි නමුත් එය දේශපාලනික වශයෙන් අතිශය වැදගත් වනු ඇති.

හමාස් සංවිධානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකළ ප්‍රහාර හේතුවෙන් මේ වනවිට පලස්තීනුවන් 25,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, තවත් දස දහස් ගණනක් තුවාල ලබා තිබෙනවා.

ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාර එල්ල කිරීමට නිමිත්ත වූ පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල භූමියට ඇතුලු වී සිදු කළ හදිසි ප්‍රහාරයෙන් එරට වැසියන් 1,300 ක් පමණ මිය ගිය අතර, තවත් සිවිල් වැසියන් 250 දෙනෙකු පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස නැවත ගාසා වෙත රැගෙන ගියා.

පලස්තීනුවන්ට දැඩි ලෙස සහාය දක්වන දකුණු අප්‍රිකාව, හේග් ජාත්‍යන්තර අධිකරණය මෙම ජන සංහාරය පිළිබඳ චෝදනාව සලකා බලන අතරතුර ඊශ්‍රායලයේ හමුදා ක්‍රියාකාරකම් නැවැත්වීම ඇතුළු තාවකාලික පියවර නවයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටිි ඊශ්‍රායලය සඳහන් කළේ දකුණු අප්‍රිකාවේ චෝදනාව “දරුණු ලෙස විකෘති කළ සහ නොපවතින ජන සංහාරයක් පිළිබඳ” පදනම් විරහිත චෝදනා මත පදනම් වූවක් බවයි.

අද දින මෙම නඩුකරයේ තීන්දුව ලබා දීමේදී, හේග් ජාත්‍යන්තර අධිකරණ ස්ථිර විනිසුරුවන් 15 දෙනා සහ දකුණු අප්‍රිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් එක්ව සිටින නියෝජිතයි දෙදෙනාද මූලික ප්‍රශ්න දෙකකට පිළිතුරු සොයා ගත යුතුව තිබෙනවා.

ඉන් පළමු වැන්න වන්නේ, දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ගොනු කර ඇති නඩුකරය විභාගයට ගැනීම එක්සත් ජාතීන්ගේ 1948 ජන සංහාර ප්‍රඥප්තිය යටතේ කළ හැකි බව සනාථ කළ යුතු වීමයි.

එක්සත් ජාතීන්ගේ 1948 ජන සංහාර ප්‍රඥප්තිය සඳහා ඊශ්‍රායලය සහ දකුණු අප්‍රිකාව අත්සන් කර ඇති අතරෙ එහි ජන සංහාරය යනු කුමක්ද යන්න නිර්වචනය කරයි.

දෙවැන්න වනුයේ, ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග දිගටම පැවතුනහොත් ගාසා තීරයේ පලස්තීන ජනතාවට ආපසු හැරවිය නොහැකි හානියක් සිදුවීමේ පිළිගත හැකි අවදානමක් තිබේද යන්නයි.

එසේම, හේග් ජාත්‍යන්තර අධිකරණ විනිසුරුවන්ට දකුණු අප්‍රිකාවේ නිශ්චිත ඉල්ලීම් වලට සීමා නොවී ඊශ්‍රායලයට ඔවුන්ගේ මෙහෙයුම් ජාත්‍යන්තර නීතියට අනුකූල වන බව සහතික කරන ලෙසටත් ආහාර, ජලය හෝ ඖෂධ බෙදා හැරීමට බාධාවක් නොවන බවට සහතික වන ලෙසට බල කිරීමට හැකියි.

කෙසේ වෙතත්, හේග් ජාත්‍යන්තර අධිකරණය වෙත බලය ඇත්තේ උපදේශන නිකුත් කිරීමට පමණක් වන අතර එහි තීන්දු න්‍යායාත්මකව නීත්‍යානුකූලව බැඳී නොමති අතර, ඒවා අධිකරණයට බලාත්මක කළ නොහැකියි.

ඒ අනුව බොහෝ දුරට සිදුවිය හැක්කේ අද දින තීන්දුව ඊශ්‍රායලයට එරෙහිව ගියහොත් ඊශ්‍රායලය විසින් එය නොසලකා හැරීමයි.

කෙසේ වෙතත්, එම තීන්දුව සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය යොමු කිරීමට අමතර දේශපාලන පීඩනයක් එල්ල කරනු ඇති අතර, මේ ගැටළුවට විඳුමක් සොයා ගැනීමට මෙන්ම මානුෂීය ආධාර අවශ්‍ය තැනට ලබා ගැනීම සහතික කිරීමටත් ඊශ්‍රායලය ප්‍රමුඛ හිතවාදී රටවලට ප්‍රබලම ජාත්‍යන්තර පීඩනයක් එල්ල කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18