ජල ගැටලුවක් විසඳන්න ගිය ගොවි මහතෙකු ජීවිතක්ෂයට

හබරණ,සෙවනගම ප්‍රදේශයේ පිහිටි වෙල් යායකදී ජල ගැටලුවක් මුල් කර ගනිමින් උදැල්ලකින් සිදු කල පහරදීමක් මගින් අද හවස ගොවි මහතෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හබරණ,හබරණගම ප්‍රදේශයේ පදිංචිව සිටි සුනිල් ප්‍රේමසිරි නම් වයස අවුරුදු 51ක තිදරු පියෙක් වන ගොවි මහතෙකි.

මිය ගිය පුද්ගලයා ඔහුට අයත් හබරණ,සෙවනගම දඹගහයාය ප්‍රදේශයේ පිහිටි සිය කුඹුරේ වගා කර තිබී වී වගාවන් සදහා කෘෂි රසායනික ඉසිමින් සිටි අවස්ථාවේ ජල ගැටලුවක් මුල් කරගනිමින් මිය ගිය පුද්ගලයාගේ නෑදෑ පුද්ගලයෙකු විසින් ඔහුගේ හිසට උදැල්ලෙන් පහරදී ඝාතනය කර ඇති බව හබරණ පොලීසිය පවසයි.මෙම ඝාතනය සිදු කල,පුද්ගලයා ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව හබරණ පොලීසියට භාරවීමෙන් පසු ඔහු අත් අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සිදු කර ඇති පුද්ගලයාද හබරණගම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 38ක දෙදරු පියෙකි.ඔහුද ගොවිතැන් කටයුතුවල නිරත පුද්ගලයෙකු වන අතර වී වගාවේ ජල ගැටලුවක් සම්බන්ධයෙන් ඔවුන් අතර සිදුවූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙලෙස උදැල්ලෙන් පහරදී මෙම ගොවි මහතා ඝාතනය කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන ඇත.උදැල්ලෙන් හිසට පහරදීම හේතුවෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය හබරණ ප්‍රාදේශීය රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා හා මහේස්ත්‍රාත් පරීක්ෂණ සදහා එම මෘත ශරීරය දඹුල්ල මූලික රෝහල වෙත රැගෙන යාමට නියමිතය.මෙම ඝාතනය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු හෙට දින සිදු කිරීමට නියමිත අතර මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු හෙට දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම ඝාතනය පිලිබදව වැඩිදුර පරීක්ෂණ කටයුතු හබරණ පොලීසිය විසින් සිදු කරගෙන යනු ලබති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00