ජය ශ්‍රී මහා බෝධියේ ආරක්ෂාව ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ශ්‍රී මහා බෝධි මලුවේ ඉදිකර ඇති විදුලි සංදේශ කුලුණු මගින් සහ අධි සංවේදී කුලුණු මගින් ජය ශ්‍රී මහා බෝධියට හානිවන බවට චෝදනා කරමින් බෞද්ධ සංවිධාන කිහිපයක් අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අනුරාධපුරයේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට විදුලි සංදේශ කුළුණුවලින් හානි සිදුවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් ද පත් කරනු ලැබුවා.

අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන්ගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් එම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය නිරන්ජන් ගුණවර්ධන, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය S. A. ක්‍රිෂ්ණරාජා, විදුලි සංදේශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් – H. රණතුංග සහ අනුරාධපුර දිසාපති ජනක ජයසුන්දර ගෙන් එම කමිටුව සමන්විතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42