ජනාධිපති ලේකම්ගෙන් බලධාරීන්ට උපදෙසක්

මෙතෙක් පැවති කෘෂිකාර්මික වැඩසටහන් මෙන් අතරමග නතර නොවී, කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර නිශ්චිත ප්‍රතිඵල පෙන්වීමට අවශ්‍ය මගපෙන්වීම් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පැන නැගිය හැකි ගැටළු අදාළ රේඛීය ආයතන හා සම්බන්ධ වී කඩිනමින් විසඳා ගැනීමට කටයුතු කරන ලෙසටයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම උපදෙස් ලබා දෙනු ලැබූවේ ඊයේ (21) ජනාධිපති කාර්යාලයේදී පැවති කෘෂිකාර්මික අංශය නවීකරණය පිළිබඳ පළාත් ප්‍රධානීන්, දිස්ත්‍රික් ප්‍රධානීන් සහ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 26ක ප්‍රධානීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමින්.

කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන සම්බන්ධයෙන් ජාතික මට්ටමින් තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් , අග්‍රමාත්‍යවරයා, අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ සියළු පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගෙන් සමන්විතව ස්ථාපිත කර ඇති කමිටුවට අමතරව කෘෂිකාර්මික නවීකරණ දැනුම හා සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස කෘෂිකර්ම නව්‍යකරණ ලේකම් කාර්යාලයක්ද ස්ථාපිත කිරීමට නියමිත බව මෙහිදී අනාවරණය කෙරුණා. ඊට ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවට එහා ගිය කාර්යභාරයක් පැවරෙනු ඇති.

මීට අමතරව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට අවශ්‍ය නීති කෙටුම්පත් සිදු කරමින් පවතින බවද අවධාරණය කෙරුණා.

එමෙන්ම මෙම නවීකරණ කටයුතු සඳහා ප්‍රධාන අමාත්‍යාංශ 08ක් යොදා ගැනීමට නියමිත බවත් දෙපාර්තමේන්තු 08ක සහයෝගය සහිතව තෝරා ගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 26ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.

මෙම සාකච්ඡාවට එක් වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිනී සේනානායක මහතා විසින් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ පා සිටින කෘෂිකාර්මික ගැටළු පිළිබඳව විශේෂ දේශනයක්ද සිදු කර තිබෙනවා.

2024 වසරේ කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහළ නැංවීමට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර එම කාර්යයට පමණක් සීමා නොවී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පර්යේෂණ හා සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා මෙහිදී ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21