ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ගෝල්ෆේස් අරගල භූමියට

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස අලුතින් පත් වූ ධනුෂ්ක රාමනායක අද (29) පෙරවරුවේ ගාලු මුවදොර අරගල භූමියට පැමිණ තිබෙනවා.

එහිදී ඔහු අරගල බිමේ සිටි පිරිස් සමඟ සාකච්චා කර ඇති බව සඳහන්.

ජනාධිපති ලේකම් කාර්යාලයට යන අතර තුරදී ඔහු ගාලු මුවදොර අරගල බිමේ විරෝධතා ප්‍රදර්ශණය සම්බන්ධයෙන් අදහස් ලබාගෙන එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.