ජනප්‍රිය රංගන ශිල්පියෙකු දියේ ගිලී මියයයි

ඇමරිකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන මැතිව් පෙරී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 54ක්.

මැතිව් පෙරී සෙනසුරාදා ඔහුගේ ලොස් ඇන්ජලීස් නිවසේ දියේ ගිලී මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මැතිව් පෙරී ඔහුගේ ලොස් ඇන්ජලීස් නිවසේ උණුසුම් තටාකයක මිය ගොස් ඇති බවයි ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

විමර්ශනය සිදුවෙමින් පවතින බැවින් මරණයට නිශ්චිත හේතුවක් සඳහන් කර නැහැ.

ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ මංකොල්ලකෑම්, මිනීමැරුම් සම්බන්ධ පරීක්ෂකයින් මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා. මරණයට හේතුව ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත හදිසි මරණ පරීක්ෂක කාර්යාලය විසින් පසුව තීරණය කරනු ඇති.

අලුයම නිවසට පැමිණි මැතිව් පෙරී තම සේවකයා කිසියම් රාජකාරියකට පිටත් කර හැර ඇති අතර පැය දෙකකට පමණ පසු ඔහු යළි පැමිණ කළ සොයා බැලීමේදී මැතිව් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැන්ව තිබෙනවා.

ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ මරණය සම්බන්ධයෙන් පෙරීගේ නිවසින් ලැබුණු ඇමතුමකට නිලධාරීන් ප්‍රතිචාර දැක්වූ නමුත් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු නොකරන බවයි.

1969 දී උපත ලැබූ පෙරීට වයස අවුරුදු 1 දී ඔහුගේ දෙමාපියන් වෙන්වීමෙන් පසු මොන්ට්‍රියෙල් සහ ලොස් ඇන්ජලීස් අතර හැදී වැඩී තිබෙනවා.

පෙරී වඩාත් ප්‍රසිද්ධ වන්නේ 90 දශකයේ ජනප්‍රිය කතා මාලාවක් වූ Friends හි චැන්ඩ්ලර් බිං (Chandler Bing) ලෙස රඟ දැක්වූ භූමිකාව සඳහායි.

ඔහු වසර ගණනාවක් පුරා වෙනත් රූපවාහිනී වැඩසටහන් රැසක රඟපා තිබෙනවා. ‘Boys Will Be Boys`, ‘Growing Pains’, ‘Rilver Spoons,’ ‘Charles භාර,’ ‘සිඩ්නි,’ ‘බෙවර්ලි හිල්ස්, 90210,’ ‘හෝම් ෆ්‍රී,’ ‘ඇලි මැක්බීල්,’ ‘ද වෙස්ට් වින්ග්,’ ‘ස්ක්‍රබ්ස්,’ ‘ස්ටුඩියෝ 60 ඔන් ද සන්සෙට් ස්ට්‍රිප්,’ ‘ඇතුළු තවත් කතාංග ඊට අයත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49